Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉසුරු උදාන සමුගනී

ඉසුරු උදාන සමුගනී

editorial - 2021 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

“මා හිතන්නේ ඊළඟ පරම්පරාවේ ක්‍රීඩකයන්ට අවස්ථාව දෙමින් මා ඉවත්ව යා යුතු කාලය පැමිණ තියෙනවා..... මා මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කළේ වචනයෙන් විස්තර කළ නොහැකි කැපවීමකින් සහ ආඩම්බරයකින්” යයි තමන්ගේ සමුගැනීම දැනුම් දෙමින් ඉසුරු උදාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම මෙතැන් සිට ක්‍රියාත්මක වන බවද ඉසුරු උදාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. අන්තර්ජාතික තරග බිමෙන් සමුගන්නා බව නිවේදනය කර ඇතත් දේශීය හෝ අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවක් ඉසුරු උදාන වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කරන ලද නිවේදනයෙන් කියැවෙන්නේ නැත. ඔහු බොහෝ විට දේශීය ක්‍රිකට් තරගාවලියට මෙන්ම ලෝකයේ වෙනත් ස්ථාන වලදී පැවැත්වෙන වාණිජ ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගි වීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.

වමතින් මඳ වේග පන්දු යවන්නකු වන ඉසුරු උදාන 2009 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී සාර්ථක දස්කම් පෙන්වීය. ඔහුගේ හොඳම තුරුම්පුව වන්නේ වේගය අඩාළ කළ පන්දුවයි. කෙසේ වෙතත් ඉන්දියානු කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවැති ජයග්‍රාහී විස්සයි-20 තරගාවලියේදී තරග දෙකකට සහභාගි වූ ඉසුරු උදානට එකම කඩුල්ලක් හෝ දවාගත නොහැකි විය.

වසර 11 ක කාලයක් සීමිත ඕවර තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නමුත් ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව සහභාගි වූ තරග සංඛ්‍යාවටත් වඩා අඩුය. එක්දින තරග 21 කදී කඩුලු 18 ක් දවාගෙන ඇති ඉසුරු උදාන, විස්සයි-20 අන්තර්ජාතික තරග 35 කදී දවාගෙන ඇත්තේ කඩුලු 27 ක් පමණි.

පසුපෙළ පිතිකරුවකු ලෙසින් තරමක් වැරෙන් පන්දුවට පහර දෙන ඉසුරු උදාන විස්සයි-20 තරග වලදී ප්‍රයෝජනවත් පිතිකරුවෙකි.


 

- 213


අදහස් (0)

ඉසුරු උදාන සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.