Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket උත්තාපා - රසල් කොල්කටා පිලට ජය ගෙනෙති

උත්තාපා - රසල් කොල්කටා පිලට ජය ගෙනෙති

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 30 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් කී‍්‍රඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට්රයිඩර්ස් පිල එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 112 ක වේගවත් මෙන්ම නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ රොබින් උත්තාපා (නොදැවී 80) සහ ඇන්ඩි‍්‍ර රසල් (නොදැවී 59) කොල්කටා පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

පන්දු 58 කදී වාර්තා වූ උත්තාපාගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 32 කදී වාර්තා වූ රසල්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 9 දැවී ලකුණු 165 ක් ලබාගත් අතර වේගවත් ආරම්භයක් ලබාගත් බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 12 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 32 ක් රැස්කිරීමට සමත් විය.

චෙන්නායි ඉනිමේ අවසන්  ඕවර කිහිපයේදී ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ පවන් නේගි පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 27 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ බ‍්‍රැඞ් හොග්  ඕවර 4 ක් යවා ලකුණු 29 කට කඩුලූ 4 ක් දවාගනිමින් චෙන්නායි පිතිකරුවන්ට පීඩනයක් එල්ල කළේය.

කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට්රයිඩර්ස් පිල පහරදීම සඳහා චෙන්නායි සුපර් කිංග්ස් පිලට ආරාධනා කර සිටියේය.

චෙන්නායි සුපර් කිංග්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 165
(බ්‍රෙන්ඩන් මැකලම් 32, ෆෆ් ඩුප්ලෙසී 20, ඞ්වේන් බ‍්‍රාවෝ 30, රවින්ද්‍ර ජදේජා 24, පවන් නේගි 27, බ‍්‍රැඞ් හොග් 23/4, ඇන්ඩි‍්‍ර රසල් 20/2)

කොල්කටා නයිට්රයිඩර්ස් පිල -  ඕවර 19.5 කදී කඩුලූ 3 ක් දැවී 169
(රොබින් උත්තාපා නොදැවී 80, ගෞතම් ගම්භීර් 19, ඇන්ඩි‍්‍ර රසල් නොදැවී 59)

-036

 


අදහස් (0)

උත්තාපා - රසල් කොල්කටා පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.