Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දණහිසේ ආබාධයකට ලක්වීම නිසා ශල්‍ය කර්මයකට මුහුණ දී සුවවෙමින් සිටින පාකිස්තානු වේග පන්දු යවන්නා වන උමාර් ගුල් ටෙස්ට් සංචිතයෙන් නිදහස් කිරීමට පාකිස්තානු කි‍්‍රකට් බලධාරීහු ඊයේ (2 වැනිදා) තීරණය කළහ. ඒ අනුව වඩාත් සුවපත්වීම සඳහා උමාර් ගුල් නැවතත් පාකිස්තානය බලා යනු ඇත.
මාස නවයකට පමණ පෙර, මාර්තු මාසයේදී සිය දකුණු දණහිසේ ආබාධයක් හේතුවෙන් උමර් ගුල් ශල්‍යකර්මයකට මුහුණ දුන්නේය. පාකිස්තානයේ එක්දින සංචිතයට කැඳවන ලද උමර්ගුල් තරග 3 කදී කඩුලූ 7 ක් දවාගැනීම නිසා ශී‍්‍ර ලංකාව සමග පැවැති එක්දින තරගාවලිය 3-2 ක් ලෙසින් ජයගැනීමට පාකිස්තානයට හැකිවිය.
මෙම දස්කම් හේතුවෙන් උමර් ගුල් ටෙස්ට් සංචිතයටද ඇතුළත් කළ නමුත් දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සඳහා ඔහු කී‍්‍රඩා නොකරයි.
සතියක පමණ කාලයක් උමර් ගුල් පිළිබඳ විමසීමෙන් පසුවූ පාකිස්තානු කණ්ඩායමේ භෞත චිකිත්සක ඬේල් නයිලර් පවසා ඇත්තේ නැවතත් අභ්‍යාස කිරීම සඳහා උමර් ගුල් පාකිස්තානයට යවන ලෙයසි.
කෙසේ වෙතත් ටෙස්ට් තරග සඳහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතාව නැවතත් ලබාගැනීම සඳහා පාකිස්තානයේදී පැවැත්වෙන දේශීය තරග සඳහා සහභාගි වන මෙන් උමර් ගුල්ට උපදෙස් ලැබී තිබේ. ටෙස්ට් තරග 47 කදී කඩුලූ 163 ක් දවාගෙන සිටින 29 හැවිරිදි වේග පන්දු යවන්නා පාකිස්තානු කණ්ඩායමේ සිටින වඩාත්ම පළපුරුදු පන්දු යවන්නායි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.