Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සදම්ප්ටන්හි රෝස් බෝල් ක‍්‍රීඩාංගණයේදී අද (31) අවසන් වූ තෙවැනි ටෙස්ට් තරගයෙන් එංගලන්ත ක‍්‍රීඩකයෝ ලකුණු 266 ක ජයක් ලැබීමට සමත් වූහ.
එංගලන්ත ලැබූ මෙම ජයග‍්‍රහණයත් සමග 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයට පත්විය.
ලකුණු 445 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දුන් ඉන්දීය පිල පස්වැනි සහ අවසන් දිනය වූ අද (31) දිවා විවේකයට පෙර ලකුණු 178 සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
අතේ පැළද සිටි පටි කීපයක් හේතුවෙන් මෙම තරගයේදී කථා බහට ලක්වූ එංගලන්ත පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුයින් අලී දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 67 කට කඩුලූ 6 ක් දවා ගැනීම කැපී පෙනුණි.
එංගලන්ත පිල පළමු ඉනිම - ඕවර 163.4 කදී කඩුලූ 7 ට 569
ඉන්දීය පිල පළමු ඉනිම - ඕවර 106.1 කදී සියලූ දෙනා දැවී 330
එංගලන්ත පිල දෙවැනි ඉනිම - ඕවර 40.4 කදී කඩුලූ 4 ට 205
ඉන්දීය පිල දෙවැනි ඉනිම - ඕවර 66.4 කදී සියලූ දෙනා දැවී 178
(ශීකර් දාවන් 37, විරාට් කෝලි 28, අජින්යා රහනේ නොදැවී 52, රවීන්ද්‍ර ජඬේජා 15, ජේම්ස් ඇන්ඩසන් 24/2, මුයින් අලී 67/6)
048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.