Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයෙන් සාර්ථක පිළිතුරක්
අළු බඳුන - සිවුවැනි ටෙස්ට් තරගය

එංගලන්තයෙන් සාර්ථක පිළිතුරක්

editorial - 2023 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ සිවුවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (20 වැනිදා) තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 239 ක් ලබා ප්‍රබල තත්වයක පසුවිය.  

ඒ අනුව එංගලන්තය තවත් කඩුලු 8 ක් අතැතිව ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 78 ක් පසුපසින් සිටියේය. තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට ආරම්භක පිතිකරු සැක් ක්‍රොව්ලි හයේ පහර 2 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 132 ක්ද, ජෝ රූට් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 44 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

මුලු ලකුණු සංඛ්‍යාව 9 ක්ව තිබියදී එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස බෙන් ඩකට් එක් ලකුණකට දැවී ගියද, මුයින් අලී (54) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ක්‍රොව්ලි සමත් විය. අලීගේ 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත විය. 

පළමු දිනය වූ ඊයේ (19 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 299 ක් ලබා සිටි ඕස්ට්‍රේලියාවට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කර ගත හැකි වූයේ ලකුණු 18 ක් පමණි. පන්දු 93 කට මුහුණදෙමින් ඉනිම නිමාවට පත්වන තෙක්ම කඩුල්ලේ රැදී සිටි මිචෙල් ස්ටාක් හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 36 ක් රැස්කළේය. 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 317  
(ඩේවිඩ් වෝනර් 32, මානස් ලැබුෂේන් 51, ස්ටීවන් ස්මිත් 41, ට්‍රැවීස් හෙඩ් 48, මිචෙල් මාෂ් 51, ඇලෙක්ස් කේරි 20, මිචෙල් ස්ටාක් නොදැවී 36, ක්‍රිස් වෝක්ස් 62/5, ස්ටුවට් බ්‍රෝඩ් 68/2) 

එංගලන්ත පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 239   
(සැක් ක්‍රොව්ලි නොදැවී 132, මුයින් අලී 54, ජෝ රූට් නොදැවී 44, මිචෙල් ස්ටාක් 50/2) 

-036 


අදහස් (0)

එංගලන්තයෙන් සාර්ථක පිළිතුරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.