Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය පළමු ජය ලබයි

එංගලන්තය පළමු ජය ලබයි

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 14 වැනි තරගය ලෙස එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර ක‍්‍රයිස්චර්ච්හිදී අද (23) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් එංගලන්තය ලකුණු 119 කින් ජය ලැබීය.  

එංගලන්ත මේ වන විට තරග තුනකට සහභාගි වී ඇති අතර එහිදී  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය හමුවේ පරාජයට පත්විය.

එංගලන්ත පන්දු යවන්නෝ ස්කොට්ලන්ත ඉනිම  ඕවර 42.2 කදී ලකුණු 184 සීමා කළහ.  

කයිල් කොයිට්ෂර් වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් 84 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 71 ක් රැස් කළේය.   

එංගලන්ත ආරම්භක පිතිකරු මුයින් අලී තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 107 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 128 ක් රැුස්කරමින් තරගයේ වීරයා සම්මාන ලැබීය.

මුයින් අලී සහ ඉයන් බෙල් ලකුණු 172 ක ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වීම හේතුවෙන් මෙම ලකුණු සංඛ්‍යාව කරා යෑමට මග පැදුණි.

එංගලන්තය  ඕවර 50 යේදී කඩුලූ 8 ට 303
(මුයින් අලී 128, ඉයන් බෙල් 54, ඔයින් මෝගන් 46, ජේම්ස් ටේලර් 17, ජෝස් බට්ලර් 24, ජෝෂ් ඬේවි 68/4)

ස්කොට්ලන්ත පිල  ඕවර 42.2 කදී සියලූ දෙනා දැවී 184
(කයිල් කොයිට්ෂර් 71, පිස්ටන් මොම්සෙන් 26, මැතිව්ස් ක්‍රොස් 23, මජීඞ් හක් 15, ස්ටීව් ෆින් 26/3, මුයින් අලී 47/2, ජේම්ස් ඇන්ඩසන් 30/2)

048


අදහස් (0)

එංගලන්තය පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.