Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත කාන්තා පිල ශ්‍රී ලංකාවේ සංචාරයක

එංගලන්ත කාන්තා පිල ශ්‍රී ලංකාවේ සංචාරයක

රොෂාන් ගුණරත්න - 2019 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් කාන්තා ශූරතාව සඳහා පවත්වනු ලබන තරගාවලියට සහභාගිවීම සඳහා එංගලන්ත කාන්තා කණ්ඩායම මාර්තු 10 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව ඇත.


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව එංගලන්ත කාන්තා කණ්ඩායම එක්දින තරග 3 කට සහ විස්සයි20 තරග 3 කට සහභාගිවීමට නියමිතව ඇත.


කාන්තා ශූරතාව සඳහා කණ්ඩායම් 8 ක් සහභාගීවන අතර එක් එක් කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායම් වලට එරෙහිව තරග 3 බැගින් ක්‍රීඩා කළ යුතුය. තරගයක් ජයගන්නා කණ්ඩායමට ප්‍රසාද ලකුණු 2 ක් හිමිවන අතර තරගාවලිය අවසානයේදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායමට ශූරතාව හිමිවේ.


මාර්තු 13 වැනිදා පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පුහුණු තරගයකට සහභාගීවන අතර එංගලන්ත කාන්තා කණ්ඩායම සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පළමු සහ දෙවැනි එක්දින තරග සඳහා සහභාගී වන්නේය. මාර්තු 21 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී තෙවැනි එක්දින තරගය පැවැත්වේ.


එංගලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පළමු සහ දෙවැනි විස්සයි20 තරග දෙක කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තෙවැනි සහ අවසන් තරගය මාර්තු 28 වැනිදා එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග කාලසටහන

මාර්තු 10 වැනිදා - පළමු පුහුණු තරගය, පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී

මාර්තු 16 වැනිදා - පළමු එක්දින තරගය, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී

මාර්තු 18 වැනිදා - දෙවැනි එක්දින තරගය, සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී

මාර්තු 21 වැනිදා - තෙවැනි එක්දින තරගය, කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී

මාර්තු 24 වැනිදා - පළමු විස්සයි20 තරගය, කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

මාර්තු 26 වැනිදා - දෙවැනි විස්සයි20 තරගය, කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

මාර්තු 28 වැනිදා - තෙවැනි විස්සයි20 තරගය, එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී


අදහස් (0)

එංගලන්ත කාන්තා පිල ශ්‍රී ලංකාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.