Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත පළමු ඉනිම 283 කට සීමාවෙයි
අළු බඳුන - 2023

එංගලන්ත පළමු ඉනිම 283 කට සීමාවෙයි

editorial - 2023 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ පස්වැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (27 වැනිදා) තේ පානයෙන් මඳ වේලාවකට පසුව එංගලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 283 කට සීමා කිරීමට මිචෙල් ස්ටාක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූහ.  

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු  නායන පැට් කමින්ස් එංගලන්ත කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටි අතර ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවක් පිහිටුවීමට සැක් ක්‍රොව්ලි (22) සහ බෙන් ඩකට් (41) සමත් වූහ. ඔවුන් දෙදෙනාගේ ඉනිම්වලට හතරේ පහර 3 බැගින් අන්තර්ගත විය. 

ඉන් අනතුරුව පිටියට පිවිසි මුයින් අලී පන්දු 47 කදී ලකුණු 34 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ හැරී බෘක් පන්දු 91 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 85 ක් රැස්කළේ 93.41 ක ලකුණු රැස්කිරීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් ලකුණු 82 කට කඩුලු 4 ක් බිඳහෙළුවේ බෘක්ගේ කඩුල්ලද සමගිනි. ටොඩ් මර්ෆි සහ ජොෂ් හෙසල්වුඩ් කඩුලු 2 බැගින් දවාගනිමින් එංගලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ස්ටාක්ට අනගි සහායක් ලබාදුන්හ. 

එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 283  
(සැක් ක්‍රොව්ලි 22, බෙන් ඩකට් 41, මුයින් අලී 34, හැරී බෘක් 85, ක්‍රිස් වෝක්ස් 36, මාක් වුඩ් 28, මිචෙල් ස්ටාක් 82/4, ටොඩ් මර්ෆි 22/2, ජොෂ් හෙසල්වුඩ් 54/2) 

-036


අදහස් (0)

එංගලන්ත පළමු ඉනිම 283 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.