Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත පිල අවසන් තරගයට

එංගලන්ත පිල අවසන් තරගයට

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කාල්ටන් මිඞ්’ තුන්කොන් එක්දින තරගාවලියේ මුල් වටයේ අවසන් තරගය ලෙස ඉන්දියාව සහ එංගලන්තය අතර අද (30 වැනිදා) පර්ත්හිදී පැවැති තරගයෙන් කඩුලූ 3 ක ජයක් ලැබූ එංගලන්ත පිල තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ලකුණු 201 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිල පන්දු 19 ක් ඉතිරිව තිබියදී කඩුලූ 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර එංගලන්ත ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 140 කදී ලකුණු 125 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජේම්ස් ටේලර් (82) සහ ජොස් බට්ලර් (67) තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැුගෙන ගියේය.

පන්දු 122 කදී වාර්තා වූ ටේලර්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 78 කදී වාර්තා වූ බට්ලර්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල  ඕවර 48.1 ක් අවසානයේ සියලූදෙනා දැවී ලකුණු 200 ක් ලබාගත් අතර ඉන්දීය පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 120 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ශිකර් ධවාන් (38) සහ අජන්ක්‍යා රහනේ (73) සමත් වූහ.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රහනේ, සිය අර්ධ ශතකයට හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් අලංකාර කළේය.

ස්ටීවන් ෆින් එංගලන්ත පිල වෙනුවෙන් ලකුණු 36 කට කඩුලූ 3 ක් දවාගත් අතර මුයින් අලී, කි‍්‍රස් වොක්ස් සහ ස්ටුවර්ට් බෝඞ් කඩුලූ 2 බැගින් දවාගනිමින් ඉන්දීය ඉනිම සුණුවිසුනු කළහ.

කාසියේ වාසිය දිනූ එංගලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය පිලට ආරාධනා කර සිටියේය.

ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අවසන් මහ තරගය පෙබරවාරි මස 1 වැනිදා පර්ත්හිදී පැවැත්වීමට නියමිතය.

ඉන්දියාව -  ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 200
(ශිකර් ධවාන් 38, අජන්ක්‍යා රහනේ 73, මහේන්ද්‍ර සිං දෝනි 17, ස්ටීවන් ෆින් 36/3, මොයින් අලී 35/2, කි‍්‍රස් වොක්ස් 47/2, ස්ටුවර්ට් බෝඞ් 56/2)

එංගලන්තය -  ඕවර 46.5 කදී කඩුලූ 7 ක් දැවී 201
(මුයින් අලී 17, ජේම්ස් ටේලර් 82, ජොස් බට්ලර් 67, ස්ටුවට් බිනී 33/3, මෝහිත් ශර්මා 36/2)

036


අදහස් (0)

එංගලන්ත පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.