Last Update  :  2025-04-07 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත යොවුන් පිල දිවයිනට

එංගලන්ත යොවුන් පිල දිවයිනට

editorial - 2021 නොවැ මස 25 435 Views 0 Comment
A A A


එංගලන්ත යොවුන් කණ්ඩායම තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ.

එංගලන්ත යොවුන් කණ්ඩායම මේ මස 30 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග 5 කට සහභාගීවනු ඇත.

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලානයට සූදානම්විම සඳහා මෙම සංචාරය යොදා ගැනීමට දෙපිළම සූදානමින් පසුවෙති.

මේ වනවිටත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජෛව ආරක්‍ෂිත බුබුළකට ඇතුළත්ව එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පුහුණු කටයුතුවල නිරත වෙති.

එංගලන්ත යොවුන් සංචිතය

රෙහාන් අහ්මඞ්, ටොම් ඇස්පින්වෝල්, ජොෂ් බේකර්, සෝනී බේකර්, නේතන් බාර්න්වෙල්, ජෝර්ජ් බෙල්, ජාකොබ් බෙතෙල්, ජොෂ් බෝයිඩන්, බෙන් ක්ලිෆ්, ජේම්ස් කෝල්ස්, හැරී ක්‍රව්ෂෝ, ඇලෙක්ස් හෝටන්, ඩෑන් ඉබ්‍රාහිම්, විල් ලක්ස්ටන්, ටොම් ප්‍රෙස්ට්, ජේම්ස් රෙව්, ජේම්ස් සේල්ස්, ෆේට් සිං, ජෝර්ජ් තෝමස්.

තරග කාළසටහන

නොවැම්බර් 30 - පළමු යොවුන් එක්දින තරගය, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී

දෙසැම්බර් 3 - දෙවැනි යොවුන් එක්දින තරගය, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී

දෙසැම්බර් 5 - තෙවැනි යොවුන් එක්දින තරගය, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී

දෙසැම්බර් 8 - සිව්වැනි යොවුන් එක්දින තරගය, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී

දෙසැම්බර් 10 - පස්වැනි යොවුන් එක්දින තරගය, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී


අදහස් (0)

එංගලන්ත යොවුන් පිල දිවයිනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.