Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එක්දින ශූරතාව එස්.එස්.සී පිලට

එක්දින ශූරතාව එස්.එස්.සී පිලට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ධනුෂ්ක ගුණතිලකගේ (116) සහ සඳුන් වීරක්කොඩිගේ (101) විශිෂ්ට පිතිහරඹය හමුවේ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට එස්.එස්.සී පිල අද (19 වැනිදා) සමත්විය. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී සී.සී.සී පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට එස්.එස්.සී පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය එස්.එස්.සී පිල ඕවර 44.2 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

ධනුෂ්ක ගුණතිලක පන්දු 123 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 116 ක් රැස්කළ අතර සඳුන් වීරක්කොඩි පන්දු 97 කදී හතරේ පහර 14 ක් සමගින් ලකුණු 101 ක් රැස්කිරීමට සමත්විය. පළමු කඩුල්ල සඳහා පන්දු 214 කදී ලකුණු 212 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් එස්.එස්.සී පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට ධනුෂ්ක ගුණතිලක සහ සඳුන් වීරක්කොඩි සමත්වූහ.

සී.සී.සී පිලේ නායක අෂාන් ප්‍රියංජන් පන්දු යවන්නන් 9 දෙනෙකු යොදා ගනිමින් එස්.එස්.සී පිතිකරුවන් මෙල්ල කිරීමට උත්සහ ගත්තද ඔවුන්ගේ ජයග්‍රහණය වළකාලීමට අපොහොසත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සී.සී.සී පිලට ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 250 ක් පමණි. ලකුණු 49 ක් රැස්කළ මිනෝද් භානුක සී.සී.සී පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවාවූ අතර ඩිල්ෂාන් මුණවීර ලකුණු 40 ක් රැස්කළේය.

සී.සී.සී පිලේ පිතිකරුන් මෙල්ල කිරීම සඳහා එස්.එස්.සී පිලේ නායක ධම්මික ප්‍රසාද් පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත් අතර හිමේෂ් රාමනායක කඩුලු 2 ක් සහ සෙසු පන්දු යවන්නන් 5 දෙනෙකු කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.


සී.සී.සී - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 250
(ඩිල්ෂාන් මුණවීර 40, මාධව වර්ණපුර 39, මිනෝද් භානුක 49, වනිඳු හසරංග 25, ළහිරු මදුශංක 23, හිමේෂ් රාමනායක 26/2)

එස්.එස්.සී - ඕවර 44.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 254
(ධනුෂ්ක ගුණතිලක 116, සඳුන් වීරක්කොඩි 101, දිමුත් කරුණාරත්න නොදැවී 20)

 


අදහස් (0)

එක්දින ශූරතාව එස්.එස්.සී පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.