Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ ධර්මාශෝක විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 27 ක ජයක් අත්කර ගැනීමට දේවානන්ද විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 217 ක ඉලක්කයක් හඹාගිය ධර්මාශෝක විදුහල ඕවර 45.1 ක් අවසානයේ ලකුණු 189 කට සීමා කිරීමට දේවානන්ද පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ චමිඳු අනුෂ්ක ලකුණු 57 කට ලකුණු 4 ක් බිඳහෙළු අතර ධර්මාශෝක විදුහලේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහයක් දුන් ප්‍රවීන් අවිෂ්ක සහ සුමුදු ප්‍රමෝද් කඩුලු 2 බැගින් දවාගත්හ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දේවානන්ද විදුහල, ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 216 ක් ලබාගත් අතර එහිදී සොහාන් ද ලිවේරා නොදැවී ලකුණු 88 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
දේවානන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 216
(සොහාන් ද ලිවේරා නොදැවී 88, පසිඳු ධනංජය 24, දිවිඳු ද සිල්වා 22, ප්‍රවීන් අවිෂ්ක 20, අබීත චන්ද්‍රගුප්ත 20/3, අකිල මෙන්ඩිස් 28/2, කාවින්ද නදීෂාන් 43/2, විනුක දිල්ෂාන් 55/2)
ධර්මාශෝක විදුහල් පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 189
(ශේන දේෂාල් 59, දිනුක දිල්ෂාන් 39, යොහාන් සොයිසා 29, චමිඳු අනුෂ්ක 57/4, ප්‍රවීන් අවිෂ්ක 35/2, සුමුදු ප්‍රමෝද් 42/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.