Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක සිම්බාබ්වේ පිල සහ පාකිස්තාන පිල අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන පිල සමත් විය. ශතකයක් සහ අර්ධ ශතකයක් ලබාගනිමින් තරගාවලිය පුරාම ලකුණු අතර සිටි පාකිස්තාන පිලේ නායක අසාර් අලී තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
දෙරට අතර ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගණයේදී දිවා රාතී‍්‍ර තරගයක් ලෙස ඊයේ (31 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය වර්ෂාව නිසා ජය පරාජයෙන් තොරව අවසන් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 297 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ පිල වර්ෂාව නිසා තරගය නතර කරන විට ඕවර 9 ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 68 ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 296 ක් රැස්කළ අතර පාකිස්තාන පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු මොහොමඞ් හෆීස් පන්දු 80 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 80 ක් රැස්කළේය.
නායක අසාර් අලී (46) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 120 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමටද හෆීස් සමත් විය.
සිම්බාබ්වේ පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සිකන්දර් රාසා ලකුණු 59 කට කඩුලූ 3 ක් දවාගත්තේය.
පාකිස්තාන පිල - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 296
(මොහොමඞ් හෆීස් 80, අසාර් අලී 46, අසාද් ෂෆීක් 16, බාබර් අසාම් 54, සෆ්රාස් අහමඞ් 25, අන්වර් අලී නොදැවී 38, සිකන්දර් රාසා 59/3, කි‍්‍රස් පොෆූ 50/2)
සිම්බාබ්වේ පිල - ඕවර 9 කදී කිසිවකු නොදැවී 68
(චමූ චිබාබා නොදැවී 39, වුසී සිබන්ඩා නොදැවී 28)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.