Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පා දඟ පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත්ගේ මෑණියන් අභාවප‍්‍රාප්ත වීම නිසා පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 18 වැනිදා ආරම්භ වන එක්දින ක‍්‍රිකට් තරගාවලියට බොහෝ දුරට රංගන සහභාගි නොවුණු ඇති බවට වාර්තා වේ.
රංගන හේරත්, දිමුත් කරුණාරත්න සහ අෂාන් ප‍්‍රියංජන් එක්දින තරගාවලියට සහභාගි වීම සදහා ලබන සිකුරාදා (13) එක්සත් අරාබි එමිර් රාජ්‍යය බලා පිටත්ව යෑමට නියමිත තිබුණි.
මේ පිළිබදව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ මේ පිළිබදව රංගන සමඟ සාකච්ඡ කළ බවත් බොහෝ විට ඔහු එක්දින තරගාවලියට සහභාගි නොවණු ඇති බවය.
තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වේ. රංගන ටෙස්ට් පිලේ නිත්‍ය පා දඟ පන්දු යවන්නා ද වන අතර මෙම සංචාරයේ ටෙස්ට් තරගාවලිය මේ මස 31 වැනිදා ආරම්භ වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.