Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එන්.සී.සී පිලට කඩුල්ලක තියුණු ජයක්

එන්.සී.සී පිලට කඩුල්ලක තියුණු ජයක්

editorial - 2022 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10 වැනිදා) පැවැති තරගයකදී ද්‍රවිඩ සංගම් පිලට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට එන්.සී.සී පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් හඹාගිය එන්.සී.සී පිල ඕවර 28.2 කදී කඩුලු 9 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

ලකුණු 85 කට කඩුලු 9 ක් අහිමිව තිබියදී අවසන් කඩුල්ල සඳහා පන්දු 35 කදී ලකුණු 24 ක සම්බන්ධතාවක් පවත්වමින් එන්.සී.සී පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සචිඳු කොළඹගේ සහ අෂීන් ඩැනියල් සමත්විය. පන්දු 20 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 13 ක් ලබාගැනීමට සචිඳු කොළඹගේ සමත් වූ අතර අෂීන් ඩැනියල් පන්දු 16 කදී හතරේ පහරක් සමගින් ලකුණු 11 ක් ලබාගත්තේය.

හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් පන්දු 18 කදී ලකුණු 20 ක් ලබාගත් උපුල් තරංග එන්.සී.සී පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

ඩිල්රුවන් පෙරේරා ලකුණු 21 කට කඩුලු 5 ක් ද, දිලුම් සුධීර සහ රවිඳු ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද ද්‍රවිඩ සංගම් පිල පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ද්‍රවිඩ සංගම් පිලට ඕවර 32.1 කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 105 ක් පමණි.

කමේෂ් නිර්මාල් පන්දු 6 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 26 ක් ද, නවෝද් පරණවිතාන පන්දු 28 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 22 ක් ද ලබාගැනීමට සමත්වූහ.

අසෙල් සිගේරා ලකුණු 18 කට කඩුලු 5 ක් ද, අශීන් ඩැනියෙල් සහ යුගීෂ දිල්ෂාන් කඩුලු 2 බැගින් දවාගනිමින් ද්‍රවිඩ සංගම් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ තවත් තරග 10 ක් පැවැති අතර එහිදී යුදහමුදාව, බී.ආර්.සී, කැන්ඩි කස්ටම්ස්, මීගමුව, සෙබස්තිනයිට්ස්, ඒස් කැපිටල්, පොලිස්, සී.සී.සී, මූවර්ස්, හලාවත මේරියන්ස් යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

සෙබස්තිනයිට්ස් පිලේ අක්ෂ්දීප් නාත් සහ හලාවත මේරියන්ස් පිලේ ගෞරව් ජතාර් ඊයේ දිනයේදී ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

මීගමුව පිලේ ධනුෂ්ක සඳරුවන්, එන්.සී.සී පිලේ අසෙල් සිගේරා, ද්‍රවිඩ සංගම් පිලේ ඩිල්රුවන් පෙරේරා සහ පොලිස් පිලේ නුවන් ප්‍රදීප් කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ද්‍රවිඩ සංගමය - ඕවර 32.1 කදී සියලුදෙනා දැවී 105
(නවෝද් පරණවිතාන 22, කමේෂ් නිර්මාල් 26, අසෙල් සිගේරා 18/5, අශීන් ඩැනියෙල් 16/2, යුගීෂ දිල්ෂාන් 25/2)

එන්.සී.සී - ඕවර 28.2 කදී කඩුලු 9 ක් දැවී 109
(උපුල් තරංග 20, ඩිල්රුවන් පෙරේරා 21/5, දිලුම් සුධීර 35/2, රවිඳු ප්‍රනාන්දු 42/2)


අදහස් (0)

එන්.සී.සී පිලට කඩුල්ලක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.