Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එස්.එස්.සී - සී.සී.සී අවසන් තරගයට

එස්.එස්.සී - සී.සී.සී අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට එස්.එස්.සී සහ සී.සී.සී කණ්ඩායම් අද (17 වැනිදා) සමත්විය.

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී මූවර්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට සී.සී.සී පිල සමත්විය.

කාසියේ වාසිය දිනූ සී.සී.සී පිල පළමුව පන්දුවට පහරදීම සඳහා මූවර්ස් පිලට ආරාධනා කළ අතර සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138 ක් පමණි.

සෙසු පිතිකරුවන් අසාර්ථක වනවිට හුදකලා සටනක නිරතවු ළහිරු අත්තනායක (51) අර්ධ ශතකයක් ලබාගනිමින් මූවර්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. පන්දු 89 කට මුහුණදුන් ළහිරුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.

වනිඳු හසරංග කඩුලු 4 ක් ද ළහිරු ගමගේ සහ ළහිරු මදුශංක කඩුලු 2 බැගින් දවාගනිමින් මූවර්ස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹාගිය සී.සී.සී පිල ඕවර 26.2 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

රොන් චන්ද්‍රගුප්ත (55) අර්ධ ශතකයක් සහ මාධව වර්ණපුර ලකුණු 35 ක් රැස්කරමින් සී.සී.සී පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී සැරසන්ස් පිලට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 35 ක ජයක් හිමිකර ගැනීමට එස්.එස්.සී පිල සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එස්.එස්.සී පිල ඕවර 50 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 296 ක් රැස්කිරීමට සමත්විය.

දිමුත් කරුණාරත්න (109) ශතකයක් ලබාගනිමින් එස්.එස්.සී පිල ලකුණු 300 සීමාව ආසන්නයට රැගෙන යාමට සමත්විය. පන්දු 115 කට මුහුණදුන් දිමුත්ගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් විය. කෞෂාල් සිල්වා (62) අර්ධ ශතකයක් සහ සචිත්‍ර සේනානායක පන්දු 34 කදී ලකුණු 36 ක් ද ආකාෂ් සේනාරත්න පන්දු 23 කදී 34 ක් ද ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 297 ක ඉලක්කක් හඹාගිය සැරසන්ස් පිල අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරනවිට රැස්කර සිටියේ කඩුලු 6 ක් දැවී ලකුණු 190 ක් පමණි. නමුත් ඒ වනවිට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 227 ක් අවශ්‍යව තිබුණි.

ගමිඳු අමරසිංහ (58) සහ නිපුන් කරුණානායක (81) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද සිය කණ්ඩායම අවසන් තරගය සඳහා රැගෙන යාමට තරම් එය ප්‍රමාණවත් නොවූහ.

අවසන් මහ තරගය 19 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

සී.සී.සී පිලට කඩුලු 5 ක ජයක්

සී.සී.සී සහ මූවර්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

මූවර්ස් - ඕවර 43 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(ඉරෝෂ් සමරසූරිය 24, ළහිරු අත්තනායක 51, වනිඳු හසරංග 43/4, ළහිරු ගමගේ 20/2, ළහිරු මදුශංක 25/2)
සී.සී.සී - ඕවර 26.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 143
(රොන් චන්ද්‍රගුප්ත 55, මාධව වර්ණපුර 35, රමේෂ් මෙන්ඩිස් 29/2, මලිත් ද සිල්වා 39/2)


එස්.එස්.සී පිලට ලකුණු 36 ක ජයක්

එස්.එස්.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 296
(සඳුන් වීරක්කොඩි 21, දිමුත් කරුණාරත්න 109, කෞෂාල් සිල්වා 62, සචිත්‍ර සේනානායක 36, ආකාෂ් සේනාරත්න 34, සාලිය සමන් 60/3, ඇන්ඩි සොලමන්ස් 57/2)
සැරසන්ස් - ඕවර 39 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 190
(ගමිඳු අමරසිංහ 58, නිපුන් කරුණානායක 81, අෂේන් බණ්ඩාර නොදැවී 23, ධම්මික ප්‍රසාද් 40/2)

 


අදහස් (0)

එස්.එස්.සී - සී.සී.සී අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.