Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ තරගාවලියේදී පළමුවෙන් ලකුණු 1000 සම්පූර්ණ කළ පිතිකරුවා බවට පත්වීමට හලාවත මේරියන්ස් පිලේ ඕශධ ප්‍රනාන්දු සමත්විය.
ගෙවීගිය සති අන්තයේදී කෝල්ට්ස් පිලට එරෙහිව තරගය ඇරඹීමට පෙර තරග 7 කදී ලකුණු 778 ක් රැස්කර ගෙන සිටි ඕශද ප්‍රනාන්දු කෝල්ට්ස් පිලට එරෙහිව පළමු ඉනිමේදී ශතකයක් (109) සහ දෙවැනි ඉනිමේදී ද්විත්ව ශතකයක් (234) ලබාගනිමින් ලකුණු 1000 සම්පූර්ණ කළේය.
මේ වනවිට තරග 8 කදී ඉනිම 14 කට ක්‍රීඩාකර ඇති ඕශධ ප්‍රනාන්දු ශතක 6 ක් සහ අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 1121 ක් රැස්කිරීමට සමත්ව තිබේ. එම ලකුණූ සංඛ්‍යාවට හයේ පහර 36 ක් සහ හතරේ පහර 102 ක් ඇතුළත් වේ.
මෙවර පළමු පෙළ තරගාවලියේදී කෝල්ට්ස් පිලට එරෙහිව ද්විත්ව ශතකයක් සහ ශතකයක් ලබාගත් ඕශධ ප්‍රනාන්දු, සැරසන්ස්, යුදහමුදාව, මුවර්ස් සහ රාගම යන කණ්ඩායම් වලට එරෙහිව ශතක ලබාගත්තේය.
කෝල්ට්ස් පිල නියෝජනය කරමින් 2011 වසරේදී පළමු පෙළ තරග සඳහා අවතීර්ණවූ ඕශධ ප්‍රනාන්දු පළමු පෙළ කණ්ඩායම් කිහිපයක් නියෝජනය කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන පිලද නියෝජනය කිරීමට ඕශධ සමත්වී ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.