Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (1 වැනිදා) ආරම්භ වූ තරගය, පළමු දිනය සඳහා නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ගාල්ල කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 346 ක් ලබා සිටියේය.
පළමු දිනය අවසානයේ පසිඳු සූරියබණ්ඩාර හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 130 ක්ද, ලක්ෂාන් එදිරිසිංහ හතරේ පහර 11 ක් සමග ලකුණු 75 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව ගාල්ල කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 118 කි.
ගාල්ල කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ඕෂධ ප්‍රනාන්දු හතරේ පහර 18 ක් සමග ලකුණු 127 ක් රැස්කළේය. ගාල්ල ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පසිඳු සමග එක්ව ලකුණු 206 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඕෂධ සමත් විය. ගාල්ල කණ්ඩයමේ බිඳවැටුණු කඩුලු 3 න් 2 කටම හිමිකම් කියනු ලැබුවේ චමිඳු විජේසිංහ විසිනි.
ගාල්ල පළමු ඉනිම - කඩුලු 3 කට 346
(ඕෂධ ප්‍රනාන්දු 127, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 130, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 75, චමිඳු විජේසිංහ 49/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.