Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී ඊයේ (30 වැනිදා) පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 111 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 227 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට ටන්වීර් සැන්හා ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකාවට ඕවර 15.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 115 ක් පමණි.
දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු රීසා හෙන්ඩි්‍රක්ස් පන්දු 43 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 56 ක් රැස්කළේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ සැන්හා ලකුණු 31 කට කඩුලු 4 ක් බිඳහෙළුෑ අතර මාකස් ස්ටොයිනිස් ලකුණු 18 කට කඩුලු 3 ක්ද, ස්පෙන්සර් ජොන්සන් ලකුණු 33 කට කඩුලු 2 ක්ද දවාගනිමින් දකුණු අප්‍රිකානු ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා සැන්හාට අනගි සහායක් දුන්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 226 ක් ලබාගත් අතර ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි මිචෙල් මාෂ් පන්දු 49 කින් නොදැවී ලකුණු 92 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක් සමගිනි. ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා මාෂ්ට සහාය දැක්වූ ටිම් ඩේවිඩ් පන්දු 28 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 64 ක් රැස්කළේය.
ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 226
(මැතිව් ෂෝට් 20, මිචෙල් මාෂ් නොදැවී 92, ටිම් ඩේවිඩ් 64, ඒරන් හාඩි 23, ලිසාඩ් විලියම්ස් 44/3)
දකුණු අප්‍රිකාව - ඕවර 15.3 කදී සියලු දෙනා දැවී 115
(රීසා හෙන්ඩි්‍රක්ස් 56, රාසි වැන්ඩර් ඩසන් 21, මාකෝ ජැන්සන් 20, ටැන්වීර් සැන්හා 31/4, මානස් ස්ටොයිනිස් 18/3, ස්පෙන්සර් ජොන්සන් 33/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.