Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාව කඩුලු 5 කට 339 යි

ඕස්ට්‍රේලියාව කඩුලු 5 කට 339 යි

editorial - 2023 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (28 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 339 ක් ලබා සිටියේය. ඒ වන විට ස්ටීවන් ස්මිත් හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 85 ක්ද, ඇලෙක්ස් කේරි නොදැවී ලකුණු 11 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. 

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඩේවිඩ් වෝනර් (66) සහ උස්මාන් කවාජා (17) සමත් වූ අතර වෝනර්ගේ 35 වැනි ටෙස්ට් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය. ඉතාමත් මන්දගාමී පිතිහරඹයක නිරත වූ කවාජා ලකුනු 17 ලබාගැනීම සඳහා පන්දු 70 කට මුහුණ දුන්නේය. 

මුලු ලකුණු සංඛ්‍යාව 96 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට ජොෂ් ටන්ග් සමත් වූ අතර ඉන් අනතුරුව මානස් ලැබුෂේන් (47) සමග එක්වූ ස්මිත්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. ඔලී රොබින්සන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ජොනී බෙයාස්ටෝ අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ලැබුෂේන්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් වී තිබිණ. 

ඉන් නොවැතුන ස්මිත්, ඕස්ට්‍රේලියානු ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් ට්‍රැවීස් හෙඩ් (77) සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 118 ක් එක් කළේය. පන්දු 73 කට මුහුණ දෙමින් හෙඩ් ලබාගත් ඔහුගේ 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 14 කින් සමන්විත විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජෝ රූට්, දිනය නිමාවීමට ඕවර 10 කටත් අඩුවෙන් තිබියදී හෙඩ් සහ කැමරන් ග්‍රීන් පිටියෙන් ඉවත් කළේය. 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 5 කට 339 
(ඩේවිඩ් වෝනර් 66, උස්මාන් කවාජා 17, මානස් ලැබුෂේන් 47, ස්ටීවන් ස්මිත් නොදැවී 85, ට්‍රැවීස් හෙඩ් 77, ඇලෙක්ස් කේරි නොදැවී  11, ජෝ රූට් 19/2, ජොෂ් ටන්ග් 88/2) 

-036 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව කඩුලු 5 කට 339 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.