Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාව ලකුණු 263 කට සීමා වෙයි
අළු බඳුන - තෙවැනි ටෙස්ට් තරගය

ඕස්ට්‍රේලියාව ලකුණු 263 කට සීමා වෙයි

editorial - 2023 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලීඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අළු බඳුන තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (6 වැනිදා) පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාවේ පළමු ඉනිම ලකුණු 263 කට සීමා කිරීමට මාක් වුඩ් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මාක් වුඩ් ලකුණු 34 කට කඩුලු 5 ක් බිඳහෙළමින් ඕස්ට්‍රේලියානු ඉනිම සුනුවිසුණු කර දැමූ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දැක්වූ ක්‍රිස් වෝක්ස් ලකුණු 73 කට කඩුලු 3 ක්ද, ස්ටුවට් බ්‍රෝඩ් ලකුණු 58 කට කඩුලු 2 ක්ද දවාගත්හ. 

සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී වේගවත් පිතිහරඹයක නිරත වූ මිචෙල් මාෂ් පන්දු 118 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 17 ක් සමග ලකුණු 118 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 263 
(මානස් ලැබුෂේන් 21, ස්ටීවන් ස්මිත් 22, ට්‍රැවීස් හෙඩ් 39, මිචෙල් මාෂ් 118, මාක් වුඩ් 34/5, ක්‍රිස් වෝක්ස් 73/3, ස්ටුවට් බ්‍රෝඩ් 58/2) 

-036


අදහස් (0)

ඕස්ට්‍රේලියාව ලකුණු 263 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.