Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (5 වැනිදා) නිමාවූ පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 281 ක දැවැන්ත ජයක් වාර්තා කළ ඕස්ටේ‍්‍රලියානුවෝ අළු බඳුන තරගාවලියේද 5-0 ක ජය සම්පූර්ණ කළහ. තරගයේ තුන්වැනි දිනය වන අද සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 276 ක් ලබාගත් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම තරගයෙන් ජයගැනීමට නම් සිවුවැනි ඉනිමේදී ලකුණු 448 ක් රැස්කරගන්නා ලෙස එංගලන්තයට අභියෝග කළේය. එහෙත් එංගලන්ත පිලට සිය දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 166 ක් පමණි.
අද දිනයේ තේ පානය වන විට දෙවැනි ඉනිමේදී ලකුණු 87 කට කඩුලූ 3 ක් අහිමිකරගෙන සිටි එංගලන්ත පිතිකරුවන් ඒ වන විටත් ලකුණු 360 ක් පසුපසින් සිටි අතර එතැන් සිට පැය 14 කට වැඩි කාලයක් තිස්සේ ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් සමග කරනු ලබන මේ ගනුදෙනුව බේරාගත යුතු විය. එහෙත් ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන්ට එංගලන්ත පිලේ ඉතිරි කඩුලූ 7 දවාගැනීම සඳහා අවශ්‍ය වූයේ පැය දෙකකටත් අඩු කාලයකි.
එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් ලකුණු 7 කටත් කෙවින් පීටර්සන් ලකුණු 6 කටත් දැවී ගිය අතර ඇතැම්විට මෙය කෙවින් පීටර්සන් සිඞ්නි පිටියේදී මුහුණ දුන් අවසන් ටෙස්ට් ඉනිමද විය හැකිය. රයාන් හැරිස්ගේ විශිෂ්ට පන්දු රැකීමක් නිසා කෙවින් පීටර්සන් වෙත තැබූ බලාපොරොත්තු අකුළා ගැනීමට එංලන්තයට සිදුවිය. මෙවර තරගාවලියේදී තරග 5 කදී, ඉනිම 10 කින් එංගලන්ත නායකයා ලබාගත්තේ ලකුණු 246 ක් පමණි.
සියල්ල මෙසේ සිදුවෙද්දී ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන ග්ලෙන් මැග‍්‍රාත් පදනම විසින් මෙහෙයවනු ලබන ළය පිළිකා සමාජ සත්කාර වැඩසටහනට ආධාර පිණිස රෝස පැහැ ඇඳුමන් සැරසුනු ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩා ලෝලීහු 5-0 ක තරගාවලි ජයක් පිළිබඳ බලාපොරොත්තු සහගතව ඔල්වරසන් දෙමින් සිටියහ.
ශතවර්ශයකට වැඩි ඉතිහාසයක් හිමි අළු බඳුන තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියානුවන් සතුවූ තුන්වැනි 5-0 ක ජයග‍්‍රහණය මෙයයි. මීට පෙර රිකී පොන්ටිං ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවූ සමයේදීද ඕස්ටේ‍්‍රලියානුවෝ අළු බඳුන තරගාවලියේදී 5-0 ක ජයක් ලබාගත්හ.
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම 326
එංගලන්තය - පළමු ඉනිම 155
ඕස්ටේ‍්‍රලියාව -දෙවැනි ඉනිම 276
(කි‍්‍රස් රොජර්ස් 119, ඬේයිඞ් වෝනර් 16, ජෝර්ජ් බේලි 46, බ‍්‍රැඞ් හැඩින් 28, රයාන් හැරිස් 13, ජේම්ස් ඇන්ඩසන් 46/2, ස්ටුවර්ට බ්‍රෝඞ් 57/2, බොයිඞ් රැන්කින් 47/1, බෙන් ස්ටෝක්ස් 62/2, ස්කොට් බෝර්ත්වික් 33/3)
එංගලන්තය - දෙවැනි ඉනිම 166
(මයිකල් කාබෙරි 43, ඉයන් බෙල් 16, බෙන් ස්ටෝක්ස් 32, ස්ටුවර්ට් බ්‍රෝඞ් 42, රයාන් හැරිස් 25/5, මිචෙල් ජොන්සන් 40/3, නේතන් ලයන් 70/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.