Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ටේ‍්‍රලියාව එක්දින තරගාවලියත් ජයගනී

ඕස්ටේ‍්‍රලියාව එක්දින තරගාවලියත් ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාරක  ඕස්ටේ‍්‍රලියා පිල සහ එංගලන්ත පිල අතර සිඞ්නි කී‍්‍රඩාංගණයේදී පැවති තෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 7 ක පහසු ජයක් වාර්තා කිරීමට  ඕස්ටේ‍්‍රලියාව ඊයේ (19 වැනිදා) සමත්විය. ඒ අනුව මෙතෙක් පැවති තරග 3 ම ජයගත්  ඕස්ටේ‍්‍රලියාව, තරග දෙකක් ඉතිරිව තිබියදීම තරගාවලිය දිනාගෙන තිබේ.

ලකුණු 244 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය  ඕස්ටේ‍්‍රලියා පිල,  ඕවර 40 ක් අවසානයේ කඩුලූ 3 ක් පමණික් දැවී එම ඉලක්කය පසුකර ගියේය. තරගය නිමා වනතෙක් කඩුල්ලේ රැදීසිටි ෂෝන් මාෂ් (නොදැවී 71) සමග ඬේවිඞ් වෝනර් (71)  පන්දු 80 කදී ලකුණ 78 ක සම්බන්ධතාවක්ද, බ‍්‍රැඞ් හැඞ්න් සමග පන්දු 68 කදී ලකුණු 72 ක නොබිඳුන සම්බන්ධතාවක්ද ගොඩනගමින් තරගය ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

පන්දු 70 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 71 ක් රැස්කළ ඬේවිඞ් වෝනර් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත පිල නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 243 ක් ලබාගත්තේය. පෙර තරගයේදී ශතකයක් රැස්කළ ඔයින් මෝගන් මෙම තරගයේදීද එංගලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 58 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 54 ක් රැස්කළේය.

දකුණත් වේගපන්දු යවන්නකු වන නේදන් කූල්ටර්නයිල් එංගලන්ත පිලේ නායකයාගේ කඩුල්ලද සමගින් ලකුණු 47 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

එංගලන්ත පිල -  ඕවර 50 කදී කඩුලූ 9 කට 243
(ඇලිස්ටෙයාර් කුක් 35, ඉයන් බෙල් 29, ගැරී බැලන්ස් 26, ඔයින් මෝගන් 54, රවී බොපාරා 21, ටිම් බ්‍රෙස්න්න් නොදැවී 41, නේදන් කූල්ටර්නයිල් 47/3, ජේම්ස් ෆෝක්නර් 35/2, ඩැනියෙල් කි‍්‍රස්ටියන් 52/2)

ඕස්ටේ‍්‍රලියා පිල -  ඕවර 40 කදී කඩුලූ 3 කට 244
(ඒරන් ෆින්ච් 22, ඬේවිඞ් වෝනර් 71, ෂෝන් මාෂ් නොදැවී 71, මයිකල් ක්ලාක් 34, බ‍්‍රැඞ් හැඞ්න් 35)

036


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව එක්දින තරගාවලියත් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.