Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ටේ‍්‍රලියාවට කඩුලූ 7 ක ජයක්

ඕස්ටේ‍්‍රලියාවට කඩුලූ 7 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ බංග්ලාදේශය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර බංග්ලාදේශයේ මීර්පූර්හිදී අද (1 වැනිදා) පැවති 2 වැනි කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 7 ක ජයක් වාර්තා කිරීමට  ඕස්ටේ‍්‍රලියානු පිල සමත්විය.

ලකුණු 154 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය  ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 3 ක් පමණක් දැවී පන්දු 15 ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගිය අතර පන්දු 45 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගින් වේගවත් ලකුණු 71 ක් රැුස්කළ ඒරන් ෆින්ච් තරගයේ වීරයා බවට පත්විය.

ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පිතිකරු යුගළය වූ ඬේවිඞ් වෝනර් (48) සහ ඒරන් ෆින්ච් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 68 කදී ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තරගය ජයගැනීම සඳහා මනා අඩිතාලමක් දැමූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 153 ක් ලබාගත්තේය.

එහිදී මුළු ලකුණු 12 ක් වන විට බංග්ලාදේශ පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට  ඕස්ටේ‍්‍රලියානු වේග පන්දුයවන කී‍්‍රඩක නාතන් කූල්ටර් නයිල් සමත්විය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 112 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශකීබ් අල් හසන් (66) සහ නායක මුෂ්ෆික රහීම් (47) තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවූහ.

පන්දු 52 කින් වාර්තාවූ ශකීබ් අල් හසන්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත විය.

බංග්ලාදේශ පිල -  ඕවර 20 කදී කඩුලූ 5 කට 153
(ශකීබ් අල් හසන් 66, මුෂ්ෆික රහීම් 47, නසර් හුසේන් 14, නාතන් කූල්ටර් නයිල් 17/2)

ඕස්ටේ‍්‍රලියානු පිල -  ඕවර 17.3 කදී කඩුලූ 3 කට 158
(ඬේවිඞ් වෝනර් 48, ඒරන් ෆින්ච් 71, කැමරන් වයිට් නොදැවී 18, අල් අමීන් හුසේන් 20/2)


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාවට කඩුලූ 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.