Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ටේ‍්‍රලියා පිලට කඩුලූ 6 ක පහසු ජයක්

ඕස්ටේ‍්‍රලියා පිලට කඩුලූ 6 ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියා පිල සහ පාකිස්තාන පිල අතර ඩුබායි ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී ඊයේ (5 වැනිදා) පැවැති විස්සයි20 කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 6 ක පහසු ජයක් අත්කර ගැනීමට  ඕස්ටේ‍්‍රලියා පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 97 ක ඉලක්කයක් හඹාගිය  ඕස්ටේ‍්‍රලියා පිල  ඕවර 14 ක් අවසානයේ කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

පන්දු 39 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 53 ක් රැස්කළ ඬේවිඞ් වෝනර්, තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගිය අතර ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 96 ක් ලබාගත්තේය. එහිදී පාකිස්තාන පිලේ පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දවාගැනීමට  ඕස්ටේ‍්‍රලියා පන්දු යවන්නෝ සමත්වූහ.

ඕවර 3 ක් යවමින් ලකුණු 13 කට කඩුලූ 3 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ග්ලේන් මැස්ක්වෙල්, තරගයේ වීරයා බවට පත්විය.


පාකිස්තාන පිල -  ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 96
(සාද් නසීම් 25, වහබ් රියාස් 16, ග්ලේන් මැස්ක්වෙල් 13/3, කැමරන් බොයිස් 10/2)

ඕස්ටේ‍්‍රලියා පිල -  ඕවර 14 කදී කඩුලූ 4 ක් දැවී 97
(ඬේවිඞ් වෝනර් නොදැවී 53, ග්ලේන් මැස්ක්වෙල් 17, රාසා හසන් 17/2)

 

- 036


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියා පිලට කඩුලූ 6 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.