Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර ඊයේ (10 වැනිදා) ඩුබායිහිදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලූ 5 ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේ‍්‍රලියා පිල සමත්විය.
ලකුණු 216 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ඕස්ටේ‍්‍රලියා පිල ඕවර 43.2 ක් අවසානයේ කඩුලූ 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
ඕස්ටේ‍්‍රලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පත්වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 81 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 78 ක් රැුස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල ඕවර 49.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 215 ක් ලබාගත්තේය.
එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 151 කදී ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අහමඞ් ශේෂාඞ් (61) සහ සෆ්රාස් අහමඞ් (65) පාකිස්තාන පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
පන්දු 82 කදී වාර්තා වූ අහමඞ් ශේෂාඞ්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 72 කදී වාර්තා වූ සෆ්රාස් අහමඞ්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
කෙසේ වුවත් මැද පෙළ සහ අවසන් පෙළ පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10 කට වඩා අඩුවෙන් දැවීයාම පාකිස්තාන පිලට බොහෝ සෙයින් අවාසි දායක විය.
එහිදී පාකිස්තාන පිතිකරුවන් තිදෙනෙකු දුවද්දී දවාගැනීම් වලට හසුකර ගැනීමට ඕස්ටේ‍්‍රලියානු පන්දු රකින්නෝ සමත්වූහ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිචෙල් ජොන්සන් ඕවර 10 ක් යවමින් ලකුණු 40 කට කඩුලූ 3 ක් දවාගත්තේය.
පාකිස්තාන පිල - ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 215
(අහමඞ් ශේෂාඞ් 61, සෆ්රාස් අහමඞ් 65, අසාද් සෆීක් 29, ෆාවඞ් අලාම් නොදැවී 20, මිචෙල් ජොන්සන් 40/3)
ඕස්ටේ‍්‍රලියා පිල - ඕවර 43.2 කදී කඩුලූ 5 ක් දැවී 217
(ඬේවිඞ් වෝනර් 29, ඒරන් ෆින්ච් 14, ජෝර්ජ් බේලි 28, ග්ලේන් මැක්ස්වෙල් 76, ජේම්ස් ෆෝල්ක්නර් නොදැවී 26, බ‍්‍රැඞ් හැඞ්න් නොදැවී 17, සුල්ෆික බාබාර් 52/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.