Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ටේ‍්‍රලියාව ලකුණු 460 ක් පසුපසින්

ඕස්ටේ‍්‍රලියාව ලකුණු 460 ක් පසුපසින්

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (2 වැනිදා) තරගය නතර කරන විට ලකුණු 603 ක ඉලක්කයක් හඹායන  ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 4 ක් දැවී ලකුණු 143 ක් ලබා සිටියේය.

ඒ අනුව ඔවුන් ජයග‍්‍රහණයට තවත් ලකුණු 460 ක් පසුපසින් සිටියි.

තරගයේ අවසන් දිනය අද (3 වැනිදා) වන අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට නම් ඔවුන් අද දිනයේදී  ඕවර 90 ක් තුළ කඩුලූ 6 ක් ආරක්ෂා කරගත යුතුව තිබේ.

තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 38 ක්ද, මිචෙල් මාෂ් නොදැවී ලකුණු 26 ක්ද ලබා කඩුල්ලේ රැදීසිටියහ.

දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල, කඩුලූ 3 ක් දැවී ලකුණු 293 ක් ලබා සිටියදී ඉනිම අත්හිඅටුවා  ඕස්ටේ‍්‍රලියානු පිලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.

පාකිස්තාන පිල වෙනුවෙන් පළමු ඉනිමේදී ශතක රැුස්කළ පිතිකරුවන් වූ අසාර් අලී (නොදැවී 100) සහ නායක මිස්බා උල් හක් (නොදැවී 101), දෙවැනි ඉනිමේදීද ශතක රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රයානු පිලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 261 ක් පමණි.  ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මිචෙල් මාෂ් හයේ පහරක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 81 ක් රැස්කිරීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමු වෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 570 ක් ලබාගත්තේය.

එහිදී යුනිස් ඛාන් (213) සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ 6 වැනි ද්විත්ව ශතකය රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමගිනි. අසාර් අලී (109) සහ මිස්බා උල් හක් (101) ශතක රැස්කරමින් තම කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා යුනිස් ඛාන්ට මනා සහයක් දුන්හ.

පාකිස්තානය - පළමු ඉනිම කඩුලූ 6 ක් දැවී 570
(අහමඞ් ශෙෂාඞ් 35, මොහොමඞ් හෆීස් 45, අසාර් අලි 109, යුනිස් ඛාන් 213, මිස්බා උල් හක් 101, අසාඞ් ශෆීක් 21, සෆ්රාස් අහමඞ් නොදැවී 19, මිචෙල් ස්ටාක් 86/2)

ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම සියලූ දෙනා දැවී 261
(ඬේවිඞ් වෝනර් 19, නාදන් ලයන් 15, ග්ලේන් මැක්ස්වෙල් 37, මයිකල් ක්ලාර්ක් 47, මිචෙල් මාෂ් 81, පීටර් සීඞ්ල් 28, රාහට් අලී 30/2, යසර් ශා 47/2, ඉම්රාන් ඛාන් 60/3, ශූල්ෆිකර් බාබර් 94/2)

පාකිස්තානය - දෙවැනි ඉනිම කඩුලූ 3 ක් දැවී 293
(අසාර් අලී නොදැවී 100, යුනිස් ඛාන් 46, මිස්බා උල් හක් 101, මිචෙල් ජොන්සන් 45/2)

ඕස්ටේ‍්‍රලියාව - දෙවැනි ඉනිම කඩුලූ 4 ක් දැවී 143 (සිවුවැනි දිනය නිමාව වන විට)
(ඬේවිඞ් වෝනර් 58, ස්ටීවන් ස්මිත් නොදැවී 38, මිචෙල් මාෂ් නොදැවී 26)

036


අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව ලකුණු 460 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.