Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කණ්ඩායම් 32ක් දෙවැනි වටයට
13න් පහළ ක්‍රිකට්

කණ්ඩායම් 32ක් දෙවැනි වටයට

editorial - 2024 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ II වැනි කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට කණ්ඩායම් 32ක් සුදුසුකම් ලබා සිටිති. 

මෙවර තරගාවලියේදී පාසල් කණ්ඩායම් 89ක් කාණ්ඩ 14ක් යටතේ පළමු වටයේදී තරග වැදුණහ. දෙවැනි වටයේ සිට කණ්ඩායම් 32ක් පිළිමළුන් 
පිටුදැකීමේ ක්‍රමයට තරග වදිති.
 
පසුගිය තරගවාරයේ ශූරයින් වූ කොළඹ රාජකීය විද්‍යාල  'බී' කණ්ඩායම පළමු වටයේදි තම කාණ්ඩයේ ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය.  මෙවර දෙවැනි කොටසට උසස්වීම් ලැබූ හම්බන්තොට ශාන්ත මරියා විද්‍යාලය ද පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට සමත්වීමත් කැපී පෙනේ.

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය, මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය 'බී', පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය  'බී', ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, මතුගම ආනන්ද ශාස්ත්‍රාලය, කොලඹ රාජකීය විද්‍යාලය 'බී', ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසල, කෑගලු විද්‍යාලය, හම්බන්තොට ශාන්ත මරියා විද්‍යාලය , මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය ‘බී’, නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී.ද එස්. කුලරත්න විද්‍යාලය පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ. ඒ ඒ කාණ්ඩයන්හි අනු ශූරයින් ලෙසින් තවත් කණ්ඩායම් 14ක් වටයට සුදුසුකම් ලබාගත්හ. තුන්වැනි ස්ථාන හිමිකරගත් කණ්ඩායම් අතුරින් හොඳම කණ්ඩායම් 4ක් ද දෙවැනි වටයට සුදුසුකම් ලැබූහ.

 

දෙවැනි වටයේ තරග සටහන

අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය සහ අම්බලන්ගොඩ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය අම්බලන්ගොඩදී
මාරවිල ශාන්ත ෂේවියර් විද්‍යාලය සහ මීගමුව ශාන්ත පීතර විද්‍යාලය අතර තරගය මාරවිලදී
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය‘බී’ සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය ‘බී’ අතර තරගය මොරටුවේදී
ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසල සහ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය ගම්පොලදී
මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය ‘බී’ සහ කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය අතර තරගය මහනුවරදී
කොළඹ ආනන්ද විද්‍යාලය ‘බී’ සහ කඩවත මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය කොළඹදී
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය ‘බී’ සහ කොළඹ නාලන්දා විද්‍යාලය ‘බී’ අතර තරගය මොරටුවේදී
මතුගම ආනන්ද ශාස්ත්‍රාලය සහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය අතර තරගය මතුගමදී
කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරගය ගොඩිගමුවේදී
නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය සහ මහර ජනාධිපති විද්‍යාලය අතර තරගය නුගවෙල දී
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ‘බී’ සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය ගල්කිස්සේදී
කෑගලු විද්‍යාලය සහ හෝකන්දර විදුර විද්‍යාලය අතර තරගය කෑගල්ලේදී
හම්බන්තොට ශාන්ත මරියා විද්‍යාලය සහ මාතලේ විජය විද්‍යාලය අතර තරගය හම්බන්තොටදී
පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර තරගය පානදුරේදී 
යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය සහ  කොළඹ මහානාම විද්‍යාලය ‘බී’ අතර තරගය යාපනයේදී
කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ සහ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය ‘බී’ අතර තරගය කොළඹදී 
  


අදහස් (0)

කණ්ඩායම් 32ක් දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.