Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කන්ද උඩරට රන් සටන අද පොලිස් ක්‍රීඩාංගණයේදී

කන්ද උඩරට රන් සටන අද පොලිස් ක්‍රීඩාංගණයේදී

editorial - 2024 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව සහ කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)

මහනුවර ඩී.එස්. සේනානායක විදුහල සහ ගැටඹේ මහානාම විද්‍යාලය අතර පළමු වරට සංවිධානය කරන  ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට්  තරඟය අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයේදී අද (6 වැනිදා) පැවැත්වේ.

මහනුවර ඩී.එස්.සේනානායක විද්‍යාලයේ විදුහල්පති  එච්.ජී. ආනන්ද උපතිස්ස මහතා සහ මහානාම විද්‍යාලයේ විදුහල්පති අමිත් එම්. ජයසූරිය මහත්වරුන්ගේ මෙහෙයවීම මත මෙම තරගය පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම තරගය ඕවර 50 කට සීමාවූ එක්දින තරගයකි.

සමාරම්භක තරගයේදී මහනුවර ඩී.එස්. සේනානායක විදුහල් කණ්ඩායම් නායකයා ලෙස රවින් යසස් කටයුතු කරයි. ගැටඹේ මහානාම විද්‍යාලයීය කණ්ඩායම් නායකයා ලෙස නඳුන් වික්‍රමසිංහ කටයුතු කරයි.

 

මහනුවර ඩී.එස්.සේනානායක විද්‍යාලයීය සංචිතය

රවීන් යසස් (නායක), කවිශ්ක දිල්ශාන් (උප නායක), රවී මදුශාන්තන්, අබ්දුල් හාලික්,  සමීර ඒකනායක, දෙනෙත් රන්තිලක, ‍දේශාන් නිශ්මිද, සංකේෂ් ප්‍රනාන්දු, කසුන් රංජන, තීක්ෂණ  වඩුගේ, අරීබ් වසීර්, කවිඳු සුබාෂ් වඩුගේ, බිමාෂ් මස්රූෆ්, ඉමෝෂක ෂෙහාන්, සෙනුල හිමංක, තිසර  රාමනායක, පන්සිලු අරඹගේ, පසිඳු අතපත්තු, හෂාන් ප්‍රමෝද්‍ය සහ සංදීප කරුණාතිලක.

• ජී.ඒ.ආර්.කේ. ජීවානන්ද මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ඊ. එම්. යූ. චන්ද්‍රතිලක් මහතා(ප්‍රධාන පුහුණුකරු), කසුන් මෙන්ඩිස් ලියනගේ මහතා (සහාය පුහුණුකරු)

 

ගැටඹේ මහානාම විද්‍යාලයීය සංචිතය

නඳුන් වික්‍රමසිංහ (නායක), නෙරුන් හේරත් (උප නායක), දිමිත්‍ර සුවහස්, මිනාෂ කොඩිතුවක්කු, බුද්ධිම දොරටියාව, විසල් කරුණාරත්න, හසිත රත්නායක, සහීර් නජිමුදීන්, කළිඳු ගයාෂාන්, චමිත් හේෂාන්, රුචික ඩිල්ෂාන්, ෂෙනේෂ් හේෂාන්, ඊසර උදයංග, සිතුම් තීක්ෂණ, හිරුෂ තල්වත්ත, සදිත විදූෂන්,  මොහොමඩ් උමයිර්,  දීමන්ත හෙසර, ඔවිඳු බුලත්වත්ත, අදීෂ විජේසුන්දර සහ බිනාත් යුත්මික

• අමිත් එම්. ජයසූරිය මහතා (විදුහල්පති), අංජලී දුලංජලා හේරත් මහත්මිය (ක්‍රිකට් භාර ආචාරිනී) සහ ජේ.එම්.ආර්.පී.ජයවර්ධන මහතා (පුහුණුකරු)


අදහස් (0)

කන්ද උඩරට රන් සටන අද පොලිස් ක්‍රීඩාංගණයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.