Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)
නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 182 ක් ලබාගත් කමිඳු මෙන්ඩිස් සිය 13 වැනි ටෙස්ට් ඉනිමේදී ලකුණු 1000 කඩඉම පසුකර ගියේය. ලෝකයේ අඩුම ඉනිම සංඛ්‍යාවකින් ටෙස්ට් ලකුණු 1000 පසුකළ ක්‍රීඩකයන් අතර කමිඳු තුන්වැනි ස්ථානයට පිවිසියේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හා සමතැන් ගනිමිනි.
අඩුම ටෙස්ට් ඉනිම සංඛ්‍යාවකින් ටෙස්ට් ලකුණු 1000 ක් රැස්කිරීමේදී කමිඳු මෙන්ඩිස්ට සහ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට වඩා ඉදිරියෙන් සිටින්නේ එංගලන්තයේ හර්බට් සුට්ක්ලිෆ් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ශ්‍රීමත් එවර්ටන් වීක්ස් පමණි.
හර්බට් සුට්ක්ලිෆ් සහ ශ්‍රීමත් එවර්ටන් වීක්ස් දෙදෙනාම ටෙස්ට් ඉනිම 12 කදී ලකුණු 1000 කඩයිම පසුකළහ.
වසර 2022 දී ඕස්ටේ්රලියාවට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් සිය මුල්ම ටෙස්ට් ඉනිමේදී ලකුණු 61 ක් ලබාගත්තේය. මංගල ටෙස්ට් තරගයේ සිට කමිඳුගේ ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 61, 102, 164, නොදැවී 92, 9, 12, 113, 74, 4, 64, 114, 13 සහ නොදැවී 182 ක් ලෙසිනි.
(ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි)
chinthana Saturday, 28 September 2024 08:58 AM
කමිඳු ද්විත්ව ශතක ගන්න නොදී කුසල් 100 ගහනකන් ඉඳලා ඉනිම නතර කරලා... කමිඳු 200 ගත්තා නම් ඒකත් වාර්තාවක්... අලුත් කෙනෙකුට එහෙම ලකුණු ගන්න දෙන්නේ නෑ. පරණ ක්‍රීඩකයින් හරි කුහකයි... කමිඳුට පුළුවන් ඇමෙරිකාව වගේ රටකට ගිහින් ජාතික කණ්ඩායමට වුණත් එකතු වෙන්න. ජ්‍යෙෂ්ඨ කියන කුහකයින් කරන්නේ දක්ෂ ක්‍රීඩකයින් කපාදමන එක... නැතිනම් ඔවුන්වම යන තැනට වැඩ සිදුකරන එක..
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.