Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කමිඳු - ප්‍රභාත් මාසයේ විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට

කමිඳු - ප්‍රභාත් මාසයේ විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට

editorial - 2024 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

නිමාවූ සැප්තැම්බර් මාසයේදී විශිෂ්ටතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලයිස්තුවට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කමිඳු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය නිර්දේශ වී සිටිති. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පත්කරන ලද විශේෂ කමිටුවක් මගින් කරනු ලබන අගැයීමකින් පසුව මාසයේ දක්‍ෂතම ක්‍රීඩකයා තෝරා ගැනේ. 

මේ දක්වා සහභාගිවූ ටෙස්ට් තරග 8 දීම අර්ධ ශතක ලබාගනිමින්, ටෙස්ට් ඉනිම 13 කදී ලකුණු 1000 කඩඉම පසුකළ කමිඳු මෙන්ඩිස් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සතුව පැවැති වාර්තාවක් ද සමකළේය. සැප්තැම්බර් මාසයේදී පැවැති ටෙස්ට් තරග 4 කදී ලකුණු 451 ක් ලබා සිටින කමිඳු මෙන්ඩිස්ගේ ඉනිමක සාමාන්‍යය 90.20 කි. සිය 13 වැනි ටෙස්ට් ඉනිමේදී 1000 වැනි ටෙස්ට් ලකුණ ලබාගත් කමිඳු මෙන්ඩිස් වසර 75 කින් මෙපිට එවන් දස්කමක් කළ පළමු වැනි ක්‍රීඩකයාද වෙයි. 

නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේදී කඩුලු 18 ක් දවාගත් ප්‍රභාත් ජයසූරිය තරගාවලියේ වීරයා සම්මානයද හිමිකර ගත්තේය. ප්‍රභාත්ගේ දස්කම් හේතුවෙන් ටෙස්ට් තරගාවලියේදී 2-0 කින් නවසීලන්ත කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. 

ශ්‍රී ලාංකිකයන් දෙදෙනා හැරුණු විට ඕස්ටේ්‍රලියානු පිලේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ට්‍රැවිස් හෙඩ් ද ලයිස්තුවට ඇතුළත්ව සිටී. සැප්තැම්බර් මාසයේදී ස්කොට්ලන්තයේදී සහ එංගලන්තයේදී පැවැති විස්සයි-20 සහ එක්දින තරග වලදී පිත්තෙන් ලකුණු 430 ක් ලබාගත් ට්‍රැවිස් හෙඩ් කඩුලු 6 ක් ද සිය නමට ඉදිරියෙන් සටහන් කරගත්තේය. ට්‍රැවිස් හෙඩ් මෙම සම්මානය දිනාගැනීමට සූදානම් වන්නේ දෙවැනි වතාවටය. 

මාසයේ හොඳම ක්‍රීඩිකාවන්ගේ නම් අතරට එංගලන්තයේ ටැමී බියුමන්ට්ථ අයර්ලන්තයේ ඇමී මැග්වයර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඒෂා ඕසා ද ඇතුළත්ව සිටිති. 


අදහස් (0)

කමිඳු - ප්‍රභාත් මාසයේ විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.