Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති ධුරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න මහතා තේරී පත්වී ඇත.
ඉකුත් සතියේදී පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ 80 වන මහ සභා රැස්වීමේදී නව නිලධාරීන් පත් කිරීමේදී එම තනතුර සඳහා වික්‍රමරත්න මහතා නිතරගයෙන් පත්විය.
සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස උපුල් වෑවලගේ මහතාද භාණ්ඩාගාරික ලෙස වසන්ත ආරියවික්‍රම මහතා ද තරග පැවැරුම් ලෙස පාලිත කුලතුංග මහතාද නිතරගයෙන් පත්ව තිබේ.
නිලධාරී මණ්ඩලය
සභාපති - රවීන් වික්‍රමරත්න
උප සභාපතිවරු - නුවන් සමරනායක, ලීලානන්ද කුමාරසිරි, චතුරාන් සංජීව, ඇන්ඩ්‍රෙ ප්‍රනාන්දු, ලින්ඩල් හැනිබල්, ආනන්ද කරුණාරත්න, සමන් හේවාවිතාරණ, ටිරෝන් විජේවර්ධන, කමල් ඉන්ද්‍රජිත්.
ලේකම් - උපුල් වැවගේ,
භාණ්ඩාගාරික - වසන්ත ආරියවික්‍රම,
තරග පැවැරුම් ලේකම් - පාලිත කුලතුංග
උප ලේකම් - ලසිත් කරුණාතිලක
උප භාණ්ඩාගාරික - මොරිස් ඩිලා ද සිල්වා
උප තරග පැවැරුම් ලේකම් - නයනජිත් චමින්ද
විධායක කමිටු සාමාජිකයෝ - රෝයි ද සිල්වා, අමිල රත්නායක, බ්‍රයන් විමලසේන, ඉඳුනිල් දුනුවිල, මංජුල කුමාර, සමන් මනෝෂ, සඳුන් රංගජීව, චන්දන කන්නන්ගර, හිරන්ත ගෝමස්, ඩිහාන් පීරිස් සහ දීප්ති බණ්ඩාර.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.