Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම නවසීලන්ත පිල හමුවේ ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 98 ක දරුණු පරාජයක් ලැබූ නමුත් ඒ සම්බන්ධයෙන් කලබල නොවන්න’යි ශී‍්‍ර ලංකා පිලේ හිටපු දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් කියයි.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ තරග රටාව හොඳින්ම හඳුනන මුත්තයියා ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් පමණක් නොව, ශී‍්‍ර ලංකාවේත් ලෝකය පුරා වෙසෙන ශී‍්‍ර ලාංකිකයන්ගෙනුත් මෙම ඉල්ලීම කරන්නේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ් අඩවියට විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.
එම තරගය පරාජය වූ ලකුණු සංඛ්‍යාවත් (98), පන්දු යවන්නන් විසින් ලකුණු 331 ක් ප‍්‍රතිවාදීන්ට තිළිණ කිරීමත් උඩපන්දු 4 ක් බිම දැමීම සහ පිතිහරඹයේ තිබූ අසංවිධිත බවත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට බරපතළ කණස්සල්ලක් වී තිබේ. ඒත් ඒ සමගම ඇත්ත ඇති සැටියේ බලන්නටත් සිදුවී තිබේ.
ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගයට පිවිසියේ සිය දස්කම් උපරිම තලයක පවතින අවස්ථාවක නොවේ. පසුගිය මාස දෙකේදීම නවසීලන්තයේ සිටි නමුත් ශී‍්‍ර ලංකා පිලට සිදුවූයේ සත්කාරක කණ්ඩායමෙන් තැළුම් කන්නටය. තරගය පැවැති දිනය දැඩි සීතල පැවැති දිනයක්ද විය.
උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 න් ඉහළට ගියේම නැත. තරගය නැරඹීමට පැමිණි නවසීලන්ත ජාතිකයන් පවා සීතලට ඔරොත්තු දෙන කබා ඇඳ සිටියත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට තිබුණේ කණ්ඩායමේ නිල ඇඳුම සහ නිල ස්විටරය පමණි.
කී‍්‍රඩාගාර තුළ සිිටි අය පවා තරගය නැරඹුවේ සීත කබා ඇෙග් තිබියදීය.
සීත කබා නොමැතිව, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ බැනියම ඇඳගෙන තරගය නැරඹීමට ගිය ඇතැම් ශී‍්‍ර ලාංකිකයෝත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල බිඳ වැටුණු පසු ආපසු නිවෙස් බලා ගියේ සීතල ඒ තරමටම කරදරයක් වූ බැවිනි.
එවන් තත්ත්වයකදී පන්දුව ග‍්‍රහණය කරගැනීම ඉතාමත් අසීරු වූ අතර තමන් වෙත ඇදී එන පන්දුව වෙත යාමට කාලය මැන ගැනීමත් අසීරු විය.
කාලගුණික තත්ත්වය දිනයේ යථා ස්වරූපය වුවත් තරගයේදී ලද පරාජය කාලගුණයට බැර කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සූදානම් නොවේ. දැඩි ශීත කාලගුණය සම්බන්ධයෙන් කළ විමසීමේදී ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මෙසේ පැවසීය.
”සීතලත්, සුළගත් නිදහසට කාරණ නෙමේ. අපි මෙහේ මාස දෙකක විතර කාලයක් හිටියා. ඇරත් අපි මේ තණතීරු හැසිරෙන ආකාරය ගැනත් ටිකක් දන්නවා”
”ඒත් අපි මීට වඩා යමක් බලාපොරොත්තු වුණා. සිද්ධ වෙච්ච දේ නම් හරිම කණගාටුදායකයි. අපේ පන්දු යැවීම ආරම්භයේදීම ඉතාමත් දුර්වල වුණා විතරක් නෙමේ පන්දු රැකීමත් දුර්වල වුණා”
”සමස්තයක් වශයෙන් ගත්තාම ඒක ඉතාමත් අවාසනාවන්ත තරගයක්” යයි මැතිව්ස් පැවසීය.
ඒ තරගය පැවැති 14 වැනිදා (සෙනසුරාදා) තත්ත්වයයි. ඉරිදා සහ සඳුදා (15 සහ 16) ක‍්‍රයිස්ට්චර්ච් නුවර ඉතාමත් උණුසුම් කාලගුණයක් පැවතිණ.
සීත රටවල පැවැත්වෙන කි‍්‍රකට් තරග වලදී මෙවැනි අබග්ගයන්ට මුහුණ දීමට සිදුවන අවස්ථා කොතෙකුත් තිබේ.
වෙනස් වන කාලගුණික තත්ත්වයන් හමුවේ අමාරුවේ වැටෙන්නේ සංචාරක කණ්ඩායම පමණක් නොවේ. සත්කාරක පිලද අමාරුවේ වැටෙන අවස්ථා කොතෙකුත් තිබේ.
1984 ලෝඞ්ස් ටේස්ට් තරගයේදී (ශී‍්‍ර ලංකාවේ 12 වැනි ටෙස්ට් තරගය) එංගලන්ත නායක ඬේවිඞ් ගවර් කාසියේ වාසිය දිනාගත්තේද පසුගිය සෙනසුරාදා තිබුණා වැනි වළාකුළින් බර, සීතල පැවැති තත්ත්වයකදීය. කාසියේ වාසිය දිනාගත් සැණින් එංගලන්ත නායකයා පන්දු යැවීම තෝරා ගත් නමුත් දිවා ආහාරය වන විට හිරු පායා ඇවිත් ඉතාමත් පැහැදිළි අහසක් දක්නට ලැබිණ.
ප‍්‍රතිඵලය වූයේ සිදත් වෙත්තමුණි ලකුණු 190 ක් ලබාගැනීමත් දුලිප් මෙන්ඩිස් (111), සහ අර්ජුන රණතුංග (84) එක්ව එංගලන්ත පන්දු යවන්නන්ට කිසිදු අනුකම්පාවකින් තොරව පහර දීම නිසා ශී‍්‍ර ලංකා පිල කඩුලූ 7 කට ලකුණු 491 ක් ලබා ඉනිම නතර කිරීමයි. තරගය ජයගැනීමේ අපේක්‍ෂාවෙන් පැමිණි එංගලන්තයට ඒ පිළිබඳ බලාපොරොත්තු අතහැර දමන්නට සිදුවිය.
ඒ එක් අවස්ථාවක් පමණි. එවන් සිදුවීම් තව කොතෙකුත් තිබේ. කි‍්‍රකට් කී‍්‍රඩාවත් කාලගුණයත් අතර ඇත්තේ කිසිදා බිඳිය නොහැකි යාවජීව සම්බන්ධතාවකි.
මක්නිසාද යත් එය පැය 6 ක කාලයක් (එක්දින අන්තර්ජාතික තරග) එළිමහනේ කෙරෙන්නක් බැවිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.