Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්ලාක්ගේ සහාය පීටර්සන්ට

ක්ලාක්ගේ සහාය පීටර්සන්ට

ශනුක අරවින්ද - 2015 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ක‍්‍රිකට් පිටියේ පසුගිය කාලය පුරා හමා ගිය කුණාටුවේ බලපෑම තවමත් පහව ගොස් නැත. එම කුණාටුව හමා ගියේ හිටපු ක‍්‍රීඩක කෙවින් පීටර්සන් අරභයා පළවූ ආන්දෝලනාත්මක පුවත්මාලාවකිනි.

කෙසේවෙතත් නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවේ දී පීටර්සන් එංගලන්ත පිලට එක්වනු ඇතැයි පළවූ සියලූ පුවත් එක් රැයකින් මැකී ගියේ ඔහු තව දුරටත් කණ්ඩායමෙන් ඉවත් කර තැබීමෙනි.

කෙසේ වෙතත් කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තු පීටර්සන් තවම අත්හැර ගෙන නැත. ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ලබන මෙවර ගිම්හානයේදී ඇරැුඹෙන අළුබඳුන ටෙස්ට් තරගමාලාවේ දී හෝ කණ්ඩායමට එක්වීමේ අරමුණින් පීටර්සන් තම බලාපොරොත්තු අලූත් කරගෙන සිටී. ඒ සඳහා කදිම උත්තේජනයක් සපයමින් පසුගියදා ඔස්ටේ‍්‍රලියානු ටෙස්ට් පිලේ නායක මයිකල් ක්ලාක් කියා සිටියේ කෙවින්

පීටර්සන් (කේ.පී.) නොමැති එංගලන්ත පිල දුර්වල කණ්ඩායමක් බවට පත්වනු ඇතැයි කියාය.

”මේක කණ්ඩායම් දෙකක් අතර තරගයක් තමයි. නමුත් කේ.පී. (කෙවින් පීටර්සන්) එංගලන්ත පිලට ක‍්‍රීඩා කරනවානම් පෞද්ගලිකව මම කැමැතියි” යයි මයිකල් ක්ලාක් පවසා තිබිණ.

ඔස්ටේ‍්‍රලියානු ටෙස්ට් පිලේ නායකයා ඔවුන්ගේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටත්ව යාමට පෙර සිඞ්නි ගුවන්තොටුපලේ දී එසේ කීවේය. කොදෙව් පිල සමග ලබන මස ඇරැුඹීමට නියමිත තරග දෙකකින් යුතු ටෙස්ට් තරගමාලාවෙන් පසුව ‘අළු බඳුන’ වෙනුවෙන් තරග කිරීමට  ඕස්ටේ‍්‍රලියානු පිල එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

කේ.පී. ට සහය පළ කරමින් ඔස්ටේ‍්‍රලියානු නායකයා වැඩි දුරටත් කියා සිටියේ ඔහු අතිවිශිෂ්ට ක‍්‍රීඩකයකු බවය.

”මම දන්නවා ඔහුට සෙල්ලම් කරන්නයි  ඕන කරන්නේ. ඒ වගේම ඔහු දැන් දස්කම් අතර සිටින ක‍්‍රීඩකයෙක්”

”අපි කොදෙව් ටෙස්ට් තරගමාලාව නිමාවූ සැනින් කෙළින්ම එංගලන්තය බලා පිටත්වෙනවා. මං හිතන්නේ නෑ කේ.පී.නැතිව එංගලන්ත පිල ශක්තිමත් වේවි කියලා” යයි ක්ලාක් කීවේය.

කෙසේවෙතත් එංගලන්ත පිලේ නායක ඇලිස්ටෙයාර් කුක් පෙරේදා නවසීලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගය ජය ගනිමින් ඔස්ටේ‍්‍රලියානු නායකයාගේ මතය බිඳ දැමුවේය. මේ ජයග‍්‍රහණයේ කැපී පෙනෙන චරිතය බවට පත්වූ තුන්ඉරියව් ක‍්‍රීඩක 23 හැවිරිදි බෙන් ස්ටෝක්ස් එංගලන්ත පළමු ඉනිමේ දී ලකුණු 92ක් රැස් කිරීමට සමත්වූ අතර දෙවැනි ඉනිමේ දී වාර්තාගත ශතකයකට හිමිකම් කීවේය.

සිය 10 වැනි ටෙස්ට් තරගයට  ක‍්‍රීඩා කරමින් ඔහු දැක්වූ මේ විස්මිත දස්කම හිටපු තුන්ඉරියව් ක‍්‍රීඩක ශ‍්‍රීමත් ඉයන් බොතම්ට සමාන කරමින් මහා ඉහළින් අගය කළ එංගලන්ත පුවත්පත් ‘අපිට දැන් ඉයන් බොතම් යළි ඉපදී සිටිද්දී කෙවින් පීටර්සන්  ඕනෙ කියන්නේ කවුදැයි ‘ ප‍්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ.

එංගලන්ත පුවත් පත්වල පළවූ මේ කතාව ක්ලාක්ට පමණක් නොව කේ. පී. ට සහය පළ කළ සියලූ පාර්ශවයන්ට එල්ල කළ ප‍්‍රබල ඇනුම් පදයකි.

-077

 


අදහස් (0)

ක්ලාක්ගේ සහාය පීටර්සන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.