Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ් ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (10 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 7 ක් දැවී ලකුණු 517 ක් ලබා සිටියේය.
තරගය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි ස්ටීවන් ස්මිත් හතරේ පහර 21 ක් සමගින් ලකුණු 162 ක් රැස්කරගෙන සිටියේය.
පිට කොන්දේ අබාධය මතුවීම නිසා ලකුණු 60 ක් ලබාසිටියදී ඊයේ (10 වැනිදා) පිටියෙන් ඉවත්ව ගිය නායක මයිකල් ක්ලාක්, අද දිනයේදී නැවතත් තරගයට අවතීර්ණ වෙමින් සිය 28 වැනි ශතකය (128) ලබා ගත්තේය.
ඕස්ටේ‍්‍රලියානු පිලේ 6 වැනි කඩුල්ල ලකුණු 354 දී බිඳවැටුණු අතර ක්ලාක් සහ ස්මිත් එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 163 ක සම්බන්ධතාවක් ගොඩනගමින් මුලූ ලකුණු සංඛ්‍යාව 500 සීමාව දක්වා ඔසවා තැබූහ.
ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් හතරේ පහර 19 ක් සමගින් ලකුණු 145 ක් රැස්කරමින් ඕස්ටේ‍්‍රලියානු පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. වෝනර් සහ ක්ලාර්ක් අතර 3 වැනි කඩුල්ල වෙනුවෙන් ඇතිවූ සම්බන්ධතාව ලකුණු 118 කි.
වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා අද තරගයේදී යැවිය හැකි වූයේ ඕවර 30.4 ක් පමණි.
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 517
(ඬේවිඞ් වෝනර් 145, මයිකල් ක්ලාක් 128, ස්ටීවන් ස්මිත් නොදැවී 162, මිචෙල් මාර්ෂ් 41, මොහොමඞ් සාමි 120/2, වරුන් ඒරන් 136/2, කරන් ශර්මා 143/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.