Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වයස අවුරුදු 140 කට වැඩි මිසක් අඩු නොවේ. ටෙස්ට් වරම් ලබාගෙනත් වසර 40 කට පසුව ශ්‍රී ලාංකීය සන්නාමයක් සහිත ක්‍රිකට් ආම්පන්න නිෂ්පාදන සමාගමක් වෙළෙඳ පොලට පිවිස සිටී.
එච්.බී.ස්පෝට්ස් සමාගමේ ක්‍රිකට් නිෂ්පාදන, ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක හෂාන් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, පසුගියදා කොළඹ වෙළෙඳසේවා ක්‍රිකට් සංගම් මූලස්ථානයේදී එළිදැක්විණ. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ජේ.ඒ.කේ. ඉන්ද්‍රජිත්, විභාග කොමසාරිස් ඩයස් ධර්මසේන සහ ශ්‍රී ලංකා වෙළෙඳසේවා ක්‍රිකට් සංගමයේ සභාපති නලීන් වික්‍රමසිංහ මහතාත් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙම නිෂ්පාදන පෙළට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහාත් වන නිෂ්පාදන ඇතුළත්ව තිබේ. සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් ලෙසින් ක්‍රිකට් ආම්පන්න වෙළෙඳ පොළට පිවිසෙන පළමු අවස්ථාව මෙය විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.