Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවෙන් එමීර් රාජ්‍යයට රැගෙන ගිය බව තමන් දැන ගත්තේ මාධ්‍ය ඔස්සේ බවත් ආසියානු කුසලාන සත්කාරය ශ්‍රී ලංකාවෙන් ගිළිහී යාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම් පැහැර හැරීමක් බවත් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති උත්සවයක දී ඇමැතිවරයා එසේ පැවසීය.
එහිදී ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
‘‘පාර්ලිමේන්තුවේ දී නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා රට තුළ ආසියානු කුසලාන තරගාවලිය නොපැවැත්වීම පිළිබඳව ලොකු විවේචනයක් කළා. ඒත් මම ලොකු උත්සාහයක් ගත්තා ආසියනු කුසලාන රට තුළ පවත්වන්න.
ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මට පැවසුවා. ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය අපේ රටට එන්න අදි මදි කරනවා කියලා. මට ඒ රටවල් තුනේම තානාපති කාර්යාලවලට ලියලා ඒ ගැන ඇහුවා. තානාපතිවරු මට පිළිතුරු ලිපි එව්වා. අපි ශ්‍රී ලංකාවට පැමිණීමට සෑදි පැහැදි සිටියත් පහසුකම් ටික දෙන්න අපහසුයි කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පැවසූ බව ඔවුන් එහිදී මට කිව්වා. මේක ක්‍රිකට් ආයතනයේ වගකීම් පැහැර හැරීමක්.
මීට සති තුනකට පෙර ක්‍රිකට් ආයතනය අපිට මිලියන 100ක් පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙලේ වියදම්වලට දුන්නා. ඒකට ඔවුන්ට ස්තුතියි.
මේ සම්බන්ධයෙන් මම කනගාටුවෙනවා. මේ රට ගොඩ ගන්න නම් තව තවත් ක්‍රීඩා තරගාවලි අපේ රටට ගේන්න ඕන. එහෙම එකේ තරගාවලි පැවැත්වීමට ආරාධනා කළ යුතු මොහොතක අපි විසින්ම අපේ තරග මාලා වෙනත් රටක පැවැත්වීම ගැන අපි කනගාටු විය යුතුයි.
ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයකු රටට දායාද කරන්න යුද හමුදාව සමත් වුණා. යුද හමුදාපතිවරයාගෙන් මම ඉල්ලා සිටිනවා හැකිනම් යුපුන් අබේකෝන් ක්‍රීඩකයාට රැකියාවේ උසස්වීමක් ලබා දන්න කියලා.
ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරග සංචාරයේ දී ක්‍රීඩා අරමුදලේ වගකීම් හරියට ඉෂ්ඨ වුණේ නෑ. ඒ වගේම මේ ප්‍රශ්නය වෙලාව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වගේම මලල ක්‍රීඩා ආයතනයේ සභාපතිවරයා රටේ හිටියෙත් නෑ. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් ආපු නියෝජිතියාත් ඒ වගකීම් ඉෂ්ඨ කළේ නෑ.
අන්තිමේ ලෝක මලල ක්‍රීඩා කනිෂ්ඨ සංචාරයේ ගුවන් ප්‍රවේශ පත්‍ර ප්‍රශ්නය විසඳන්න රෑ පහන් වනතුරු මටත් අමාත්‍යාංශයේ අලුත් ලේකම්වරයාටත් සිදු වුණා.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.