Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ක්‍රිකට් තරග නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් යන එහි නිලධාරින්ගේ විදෙස් සංචාර නතර කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළ යුතු බවත් මින් ඉදිරියට ඒ සඳහා ඇමැති අනුමැතිය ලබාදෙන්නේ අත්‍යවශ්‍ය රාජකාරි හිමි නිලධාරීන්ට පමණක් බවත් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය. ඒ අද (5) කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් ඇමැතිවරයාට ප්‍රශ්න ඉදිරිපත්කර සිටියේය.
ඒවාට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේද පැවසීය.
‘‘මේක අපරාධයක්. මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යෝජනා කරන්නේ ඔවුන්ගේ නිලධාරීන්ගේ මේ අනවශ්‍ය පිටරට ගමන් සීමා කරලා ඒ වියදම් මේ රටේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට යොදවන්න කියලයි.
අඩු තරමින් මේ රටේ පාසල් 20 කවත් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න මේ නිලධාරීන්ගේ පිටරට ගමන් සීමා කරලා ඉතිරි කර ගන්නා මුදලින් පුළුවන් කියලයි මම විශ්වාස කරන්නේ.“
“ක්‍රිකට් විතරක් නොමෙයි ළඟ එන ආසියානු ක්‍රීඩා උළෙල සංචාරයත් අපි නිලධාරීන් පහකට සීමා කරලා තිබෙනවා. ඒකත් පුළුවන් නම් තව අඩු කරන්න අපි උනන්දු වෙලා ඉන්නවා“
“ඒත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේම අත්‍යවශ්‍ය පුහුණුකරුවන්ගේ පිටරට ගමන් අපි සීමා කරන්නේ නෑ. චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනකු හා පුහුණුකරුවන් 40කගේ කණ්ඩායමක් සහභාගී කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අර්ජුන රණතුංග මහතා සභාපති ධුරය දරන ජාතික ක්‍රීඩා සභාවේ අනුමැතිය පළවෙලා තිබෙනවා.“ යයි ද ක්‍රීඩා ඇමතිවරයා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.