Last Update  :  2025-04-21 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ක්‍රීඩිකාවන්ටත් වෙනම තැනක්

ක්‍රිකට් ක්‍රීඩිකාවන්ටත් වෙනම තැනක්

editorial - 2021 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය මට්ටමට අනුකූලවන පරිදි තවදුරටත් සංවර්ධනය කිරීමේ අභිලාෂයෙන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම වෙන්වූ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව එම ඉහල කාර්යය සාධන මධ්‍යස්ථානය පී. සරා ‘ඕවල්’ ක්‍රීඩාංගණයේ ස්ථාපනය කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ පී. සරා ‘ඕවල්’ ක්‍රීඩාංගණයේ ඇති පැති පුහුණුතීරු, ගෘහස්ථ දැල් පුහුණු, කායවර්ධන මධ්‍යස්ථානය, පිහිනුම් තටාකය සහ සහ එම ක්‍රීඩා සමාජ නේවාසිකාගාර පහසුකම්ද කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් යොදා ගැනෙනු ඇත.

“ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය හරහා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළ මට්ටමේ දක්ෂතාවයෙන් යුත් ක්‍රීඩිකාවන් බිහි කිරීමේ වැඩි ඉඩ කඩක් විවර වෙනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සමඟ ඇතිකරගත් එම ගිවිසුම අනුව 2021 වසරේ ජනවාරි 01 වැනිදා සිට ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට, සංවර්ධන සංචිතයේ පසුවන ක්‍රීඩිකාවන්ට සහ වයස අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවන්ට සිය පුහුණුවීම් කටයුතු වල නියැළීමේ අවස්ථාව උදාවී තිබේ.

ඉදිරි කාල සීමාව ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා කාර්යය බහුල කාල සීමාවක් වන බැවින් එම තරග සඳහා ක්‍රීඩිකාවන්ට සූදානම්වීමේදී  අලුතින් පිහිටුවන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය වැඩි දායකත්වයක් ලබා දෙනු ඇත.

“නව පහසුකම හඳුන්වාදීම යන්නෙන් අදහස් කරනු ලබන්නේ ක්‍රීඩිකාවන්ගේ ශාරීරික පුහුණුව මෙන්ම නිපුණතා පුහුණු කාලයද විශාල ලෙස වැඩිවී තිබෙන බවයි. එය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි අනාගතයට බෙහෙවින් ඉවහල් වෙයි” යනුවෙන් කාන්තා ක්‍රිකට් මෙහෙයුම් සහ සංවර්ධන උපදේශක මනුජ කාරියප්පෙරුම මහතා පැවසීය.

-2079

 


අදහස් (0)

ක්‍රිකට් ක්‍රීඩිකාවන්ටත් වෙනම තැනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.