Last Update  :  2025-04-21 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් නිලධාරීන්ට සේවා දිගුවක්

ක්‍රිකට් නිලධාරීන්ට සේවා දිගුවක්

editorial - 2021 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය දක්වා වත්මන් නිලධාරීන්ගේ සේවා කාලය, මාස දෙකකින්, දීර්ඝ කිරීමටත්, එතෙක් මූල්‍ය කටයුතු පරිපාලනය සඳහා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා පත්කිරීමටත් තීරණය වී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. මීළඟ නිලවරණය මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.


වත්වන් ක්‍රිකට් නිලධාරීන්ගේ නිල කාලය පසුගිය පෙබරවාරි මස 20 වැනිදා අවසන් වී ඇති බවට ඉදිරිපත් වූ විරෝධතාවක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් විමසන ලදි. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශය වී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා කළමණාකරණ කමිටුවක් පත්කරන ලෙසයි. මෙම තත්ත්වය යටතේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු සඳහා නව කළමණාකරණ කමිටුවක් පත්කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය ඇත්තේ ක්‍රීඩා ඇමතිවරයා අතය.


නීති විශාරදයින් පවසන්නේ 1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියේ 33 වන වගන්තිය යටතේ ක්‍රීඩා ඇමතිවරයාට “ක්‍රිකට් අතුරු කමිටුවක්” පිහිටුවිය හැකි බවත් ඇතැම් විට එය වර්තමාන පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විත වුවද ඒ සම්බන්ධයෙන් කිසිවකුට තර්ක කළ නොහැකි බවත්ය.


නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් වලින් අදහස් වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා ලෙසින් මැතකදී කැඳවන ලද ටොම් මූඩි මහතාගේ පත්වීම ඇතුළුව, පෙබරවාරි 20 වැනිදාට පසුව ගන්නා ලද තීරණ සහ කරන ලද සියලු කාර්යයන් නීති විරෝධී යැයි හැඟවෙන බවයි.


අදහස් (1)

ක්‍රිකට් නිලධාරීන්ට සේවා දිගුවක්
  • sam Monday, 29 March 2021 06:14 AM

    හොරු රැළට තවත් මාස 03ක්. යනගමන් කොරහත් බිඳගෙන හොඳට ගසාකාලාම පලයල්ලා මචංලා. මෙච්චරකල් කළේත් ඒකමනේ..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.