Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
විරාට් කෝලි කියන ආකාරයෙන්ම ක්‍රිකට් මහා පුදුමාකාර ක්‍රීඩාවකි. විටෙක එය ඇදිහිය නොහැකි තරම් එක හා සමාන සිදුවීම් වලින් ගහණය. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති එල්.පී.එල්. තරග දෙකම නිමා වූයේ එකම ආකාරයෙනි.
පස්වරුවේ ආරම්භ වූ තරගයේදී ලකුණු 189 ක ඉලක්කයක් කරා ගිය යාපනය කිංග්ස් කණ්ඩායම කරුවල ගලා ඒමත් සමගින් කඩුලු 7 ක ජයක් අත්කර ගත්තේය. රාත්‍රියේ පැවැති තරගයේදී ලකුණු 188 ක ඉලක්කයක් කරා ගිය ගාල්ල මාවල්ස් කණ්ඩායම, දීප්තිමත් විදුලි ආලෝකය මධ්‍යයේ කඩුලු 8 ක ජයක් හිමිකර ගත්තේය.
තරග දෙකේදීම ආරම්භය, මැදපෙළ පිතිහරඹය මෙන්ම අවසානයද බොහෝ සෙයින් සමාන විය. එල්.පී.එල්. ඉතිහාසයේ වේගවත්ම ශතකය (පන්දු 50 යි) ලබාගත් රිලී රූසෝ යාපනය කිංග්ස් කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන ගියේය. පන්දු 55 කින් නොදැවී ලකුණු 86 ක් ලබාගත් ඇලෙක්ස් හේල්ස් ගාල්ල මාවල්ස් කණ්ඩායම ජය කණුවෙන් එපිටට තල්ලු කළේය.
ක්‍රිකට් තරගයක තත්ත්වය කණපිට පෙරළන්නට එක හොඳ පන්දුවක් හොඳටෝම ප්රමාණවත්ය. රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද සවස පැවැති තරගයේදී තබ්රේස් ශම්සි එය කළේ තිසර පෙරේරා දවා ගනිමිනි. අද රාත්‍රියේ පැවැති තරගයේදී ඞ්වේන් ප්‍රිටෝරියස් එය කළේ ඇන්ජලෝ මැතිව්ස් දවාගැනීමෙනි.
ශම්සිලාගේ යාපනය කිංග්ස් කණ්ඩායමත්, ප්රිටෝරියස්ලාගේ ගාල්ල මාවල්ස් කණ්ඩායමත් තරග දෙක ජයගත්හ. මැද පෙළ කඩාවැටුණු කොළඹ ස්ට්රයිකර්ස්ලාත්, මහනුවර ෆෝල්කන්ස්ලාත් පරාජය වූහ. මේ ක්‍රිකට් ක්‍රීඩාවේ යථාර්ථය කදිමට විදහා පෙන්වීමකි.
පස්වරුවේ තරගයේදී, තිසර පෙරේරා දවාගැනීමෙන් පසුව, පන්දු 15 ක් ඇතුළතදී, කොළඹ ස්ට්රයිකර්ස්ලාගේ කඩුලු 5 ක් බිඳ වැටිණ. එහෙත් අවසන් ඕවර 2 න් ලකුණු 22 ක් උදුරාගත් දුනිත් වෙල්ලාලගේ සහ ටස්කින් අහමඞ් ලකුණු 188 ක් දක්වා කොළඹ පිල කැඳවාගෙන ගියත් ප්‍රතිවාදී යාපනය කිංග්ස් පිලට එය පහසු ඉලක්කයක් විය.
ඇන්ජලෝ මැතිව්ස් දවාගැනීමෙන් පසුව, ගාල්ල මාවල්ස් ක්‍රීඩකයෝ පන්දු 9 කින් කඩුලු 4 ක් දවාගත්හ. අවසන් ඕවර 2 දී ලකුණු 24 ක් ලබාගත් රමේෂ් මෙන්ඩිස් සහ කවිඳු පතිරත්න ලකුණු 187 ක් කරා මහනුවර පිල කැඳවාගෙන ගියත් ගාල්ල මාවල්ස් පිතිකරුවන්ට ලකුණු 188 ක ඉලක්කය කජ්ජක් විය.
කාසියේ වාසිය අහිමි වීමෙන් පසුව, පන්දුවට පහර දීම සඳහා තල්ලුකර දමන ලද මහනුවර ෆෝල්කන්ස් පිලට දිනේෂ් චන්දිමාල්ගෙන් ලැබුණේ අත්‍යාලංකාර ආරම්භයකි. ක්‍රිකට් ක්‍රීඩාවේ සම්මත පහර එයාකාරයෙන්ම ක්‍රියාත්මක කළ චන්දිමාල් චිත්තාකර්ශනීය හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ද ඇතුළුව, පන්දු 14 කින් ලකුණු 32 ක් ලබාගත්තේය. මෙවර එල්.පී.එල්. තරගාවලියේ ඉනිම 6 කදී චන්දිමාල් ලබාගත් ලකුණු සංඛ්‍යාව 237 කි.
චන්දිමාල් දැවී යාමෙන් පසුව පන්දු යවන්නන් ගල ග්රහයෙන් ගත් ඇන්ඩි්ර ෆ්ලෙචර්, ලකුණු 69 ක් ලබාගන්නා අතරේ ඔහුගේ පිත්තෙන් නික්මුණු පන්දු ක් හතරේ සීමාවෙන් එපිටට ගියේ ඒවායින් හතරක්ම හතරේ සීමාවට ඉහළින් පියාඹමිනි.
ඇන්ජලෝ මැතිව්ස්ගෙන්ද පන්දු යවන්නන්ට අනුකම්පාවක් නොවීය. ප්‍රභාත් ජයසූරිය හමුවේ පිට පිටම ගැසූ හයේ පහර දෙකක්ද සමගින් පන්දු 15 කින් ලකුණු 29 ක් ලබාගත් ජ්‍යෙෂ්ඨ නායකයා පිටියේ සිටියදී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 ට 144 ක් ලෙසිනි. එහෙත් මැතිව්ස්ගේ දැවී යාමෙන් පසුව, පන්දු 9 ක් ඇතුළත, ලකුණු පුවරුව කඩුලු 7 ට 148 ක් ලෙසින් වෙනස් විය.
පස්වරුවේ පැවැති තරගයේදී අවසන් පිතිකරුවන් දෙදෙනා කළ පරිද්දෙන්ම, 19 වැනි ඕවරයේදී තම ජාතික කණ්ඩායමේ සගයා වන මහීෂ් තීක්ෂණට හයේ පහර දෙකකින් සහ හතරේ පහර 2 කින් සංග්‍රහ කළ රමේෂ් මෙන්ඩිස් සහ කවිඳු පතිරත්න එක්ව ලකුණු සංඛ්‍යා 187 ක් දක්වා මහනුවර පිල ඉහළට ගෙන ගියත් එයින් අත්වූ ප්‍රයෝජනයක් නැති.
මහනුවර ෆෝල්කන්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 187 යි
(ඇන්ඩි්ර ෆ්ලෙචර් 69, දිනේෂ් චන්දිමාල් 32, ඇන්ජලෝ මැතිව්ස් 29, රමේෂ් මෙන්ඩිස් 28, ඞ්වේන් ප්‍රිටෝරියස් 37/2, ප්‍රභාත් ජයසූරිය 30/)
ගාල්ල මාවල්ස් - ඕවර 19.2 කදී කඩුලු 2 ක් දැවී 188 යි
(නිරෝෂන් දික්වැල්ල 25, ඇලෙක්ස් හේල්ස් නොදැවී 86, ටිම් සේෆර්ට් 16, භානුක රාජපක්ෂ නොදැවී 46)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.