Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයට රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ටී ෂර්ට් සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන මාස් හෝල්ඩිංග්ස් ආයතනය කටයුතු කර ඇත.
එම සංගමයේ 76 වැනි මහ සභා රැස්වීම දෙහිවල එස්. ද එස්. ජයසිංහ අනුස්මරණ ශ්‍රවණාගාරයේදී අද (17 වැනිදා) පැවැති අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා වෙත මෙම ප්‍රදානය කර ඇත.
එම සංගමයේ උප සභාපතිවරයකු වන ඇන්ඩෘ ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයයෙන් මෙම අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමය වෙත හිමිව තිබේ.
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම මහ සභා රැස්වීමේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය පරිදි සංකේතාත්මකව ටී ෂර්ට් බෙදා දීම ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාවට මෙම සංගමයේ ලේකම් උපුල් වෑවගේ, භාණ්ඩාගාරික වසන්ත ආරියවික්‍රම සහ තරග පැවැරුම් ලේකම් සමන් හේවාවිතරණ යන මහත්වරුද සහභාගිවූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ නිලවරණයද අද පැවැති අතර එහිදී සභාපති, ලේකම්, භාණ්ඩාගාරික සහ තරග පැවැරුම් ලේකම් යන තනතුරු සඳහා ඉදිරිපත්වූ නිළධාරීන් එම තනතුරු සඳහා නිතරගයෙන් පත්වූහ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.