Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිස් කෙයාර්න්ස් අංශභාග රෝගියකු වෙයි

ක්‍රිස් කෙයාර්න්ස් අංශභාග රෝගියකු වෙයි

editorial - 2021 අගෝ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු මෙන්ම දක්‍ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයකු ද වන ක්‍රිස් කෙයාර්න්ස් අංශභාග රෝගියකු බවට පත්ව තිබේ. පසුගිය මාසයේදී ඔහු හෘදයාබාධයක් හේතුවෙන් සිඩ්නි නුවරදී සැත්කමකට මුහුණ දුන්නේය. අනතුරුව ඇතිවූ ‘අඝාතය’ නිසා මේ වන විට ඔහුගේ ශරීරයේ වම් අංශය අක්‍රිය වී තිබේ.

කෙසේ වෙතත් මෙය පුර්ණකාලීන රෝගී තත්ත්වයක් නොවන අතර නවීන වෛද්‍ය විද්‍යාවේ අනුහසින්, අංශ භාගය සුවකළ හැකි රෝගී තත්ත්වයක් බවට පත්ව තිබේ. ක්‍රිස් කෙයාර්න්ස්ගේ පවුලේ සාමාජිකයන් කියන්නේ ඔහු සුවකළ හැකි නමුත් “ඒ සඳහා කලක් ගතවේවි” කියායි.

කැන්බරාහි පදිංචිව සිටන ක්‍රිස් කෙයාර්න්ස් ඕස්ට්‍රේලියාවේ පිහිටි කොඳුඇට පේලියේ ආබාධ සම්බන්ධයෙන් විශේෂ රෝහලකදී  ප්‍රතිකාර ලබනු ඇත.

මේ වන විට 51 හැවිරිදි වියේ පසුවන ක්‍රිස් නවසීලන්තයේ තවත් ටෙස්ට් ක්‍රීඩකයකුව සිටි ලාන්ස් කෙයාර්න්ස්ගේ පුතණුවන්ය. පියාත් - පුතාත් දෙදෙනාම ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග වලදී ක්‍රීඩා කර තිබේ. ලාන්ස් කෙයාර්න්ස් 1984 දීත් ක්‍රිස් කෙයාර්න්ස් 1991 සිට 1998 දක්වාත්  ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළේය.  

වර්ෂ 1989 සිට 2004 දක්වා ටෙස්ට් තරග 62 කට ක්‍රීඩා කළ ක්‍රිස් කෙයාර්න්ස් ටෙස්ට් ලකුණු 3320 ක් ලබා ගත්තේ ඉනිමකදී ලකුණු 33.53 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ටෙස්ට් කඩුලු 218 ක හිමිකරුවකු වන ක්‍රිස්ගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 29.40 කි.

අති දක්‍ෂ තුන්ඉරියව් ක්‍රීඩකයකු වුවද ඔහුගේ දස්කම් වසාගෙන තරග පාවාදීමේ චෝදනා ඉස්මතු විය. ක්‍රිස් ඒ චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරයි. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වූ නඩු දෙකකින්ම ක්‍රිස් කෙයාර්න්ස් නිදහස් වූ අතර ඔහු පසුව කියා සිටියේ තමන්ගේ කීර්තිනාමය නිරපරාදේ පිළිස්සී ගිය බවයි.

- 213

 


අදහස් (0)

ක්‍රිස් කෙයාර්න්ස් අංශභාග රෝගියකු වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.