Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සඳහා යෑමට ක්වේටා ග්ලැඩියේටර්ස් පිලේ සර්ෆරාස් අහමඩ් ඇතුළු ක්‍රීඩකයින් 25 දෙනෙකුට වීසා ලබා ගැනීමට නොහැකි වී තිබේ.
වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් හස්නේන්, ඉම්රාන් ඛාන්, පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ මාධ්‍ය අංශයේ නිලධාරී ඉමාඩ් හමීඩ්, අසිෆ් අෆ්රිඩි, උමාර් අමීන්, මුහම්මද් මූසා, සයිඩ් අලාම්, සීෂාන් අෂ්රෆ්, අබ්රාර් අහමඩ්, ඉම්රාන් රන්දාවා, මොහොමඩ් හරිස් සහ අමීර් ඛාන් යන ක්‍රීඩකයින්ගේ වීසා ප්‍රතික්ෂේප කර ඇත. වීසා බලපත්‍ර ලබා ගැනීමට ප්‍රමාද වන ක්‍රීඩකයින් සඳහා වෙනම විශේෂ ගුවන් යානයකින් ඔවුන් අබුඩාබි වෙත ගෙන යන බව ක්‍රිකට් මණ්ඩලය පැවසීය.
පකිස්ථාන සුපර් ලීග් හයවන තරගාවලියේ ඉතිරි තරග සඳහා විශේෂ ගුවන් යානයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යාම සඳහා ඊයේ (27 වැනිදා) නියමිතව තිබුණද කිසියම් තාක්ෂණික හේතුවක් නිසා පැය දෙකකින් පමණ ප්‍රමාද වී තිබුණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා ක්‍රීඩකයින් සහ නිලධාරීන් පිටවීම කල් දැමූ දෙවන අවස්ථාව වූයේය.
මෙම ගුවන් යානය මීට පෙර බදාදා උදේ 8.00 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව තිබූ නමුත් පසුව එය බ්‍රහස්පතින්දා පස්වරු 1.00 දක්වා වෙනස් කරන ලදී.
තාක්ෂණික හේතූන් මත ප්‍රමාද වූ එම ගුවන් යානයම ගමන සඳහා යොදාගන තිබූ අතර ඊයේ සවස 5 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පියාසර කළ බවත් ගුවන් යානය ආරක්‍ෂිතව ගොඩ බැස්සූ බවත් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය පවසයි.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.