Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රීඩකයන් 26 ක යොවුන් සංචිතයක්

ක්‍රීඩකයන් 26 ක යොවුන් සංචිතයක්

editorial - 2021 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික තරගාවලි කිහිපයක් සඳහා ක්‍රීඩකයන් 26 දෙනකුගෙන් සමන්විත යොවුන් ක්‍රිකට් සංචිතයක් නම්කර තිබේ. ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික තරගාවලියක්, යොවුන් ආසියානු කුසලාන තරගාවලිය සහ ලබන වසර මුලදී පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙම ක්‍රීඩකයන් සංචිත ගතකර තිබේ. 

පාසල් ක්‍රිකට් තරග අත්හිටුවා ඇති බැවින් පාසල් ක්‍රිකට් සංගමයේ සහ පළාත් ක්‍රිකට් සංගම් වල සහභාගිත්වයෙන් දිවයින පුරා පාසල් ක්‍රිකට් ක්‍රීඩකන්ගේ දස්කම් සෙවීමේ වැඩසටහනක් දියත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් 75 දෙනකුගෙන් සමන්විත මූලික කණ්ඩායමක් තෝරා ගන්නා ලදි. මෙම ක්‍රීඩකයන් 75 දෙනාම මහනුවරදී නේවාසික පුහුණු කඳවුරකට යොමුකරවන ලදි. 

පසුව මෙම ක්‍රීඩකයන් කණ්ඩායම් 5 කට බෙදා පුහුණුවීම්, ක්‍රීඩාවේ දැනුම, ශාරීරික යෝග්‍යතාව, ආදී අංශ සම්බන්ධයෙන් වැඩිදුරටත් අවස්ථාව දෙන ලද අතර ජාතික තේරීම් කමිටු සාමාජිකයෝ ඊට සහභාගි වූහ. අනතුරුව පුහුණු තරග පැවැත්විණ. 

ඔවුන් අතුරින් මෙම ක්‍රීඩකයන් 26 දෙනාගේ සංචිතය තෝරාගනු ලැබ ඇත. 

19 න් පහළ සංචිතය

සදීෂ් ජයවර්ධන, අභිශේක් ලියනාරච්චි, රයන් ප්‍රනාන්දු, සදීශ රාජපක්‍ෂ, ෂෙවොන් ඩැනියෙල්, පවන් සන්දේශ්, හරිඳු ජයසේකර, ජීවක සශාන්, පවන් පතිරාජ, මතීෂ වීරසිංහ, විනුජ රම්පෝල්, ළහිරු දෙවටගේ, මල්ෂ තරුපති, දුනිත් වෙල්ලාලගේ, ටේ‍රවින් මැතිව්ස්, සසංක නිර්මාල්, යසිරු රුද්රිගු, ධනාල් හේමානන්ද, මතීෂ පතිරණ, විභාවිත් ඇහැලේපොල, රවීන් ද සිල්වා, චමිඳු වික්‍රමසිංහ, බවන්ත ජයසිංහ, වනුජ සහන්, ළහිරු අබේසිංහ සහ මලීෂ සිල්වා

- 213


අදහස් (0)

ක්‍රීඩකයන් 26 ක යොවුන් සංචිතයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.