Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් බලධාරීහු පරීක්‍ෂණ අරඹති

ක්‍රිකට් බලධාරීහු පරීක්‍ෂණ අරඹති

Nisanka Sandeepani - 2017 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

හිටපු ක්‍රීඩකයන්ගේ චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කර තමන් නිදහස් කරන්න’යි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 40 දෙනකුට ආසන්න පිරිසකගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බාරදෙන ලද වාර්තාව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් මේ වන විට ආරම්භ කර තිබේ. 

ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානී ලක්‍ෂමන් ද සිල්වා මහතාගේ සහායට තවත් නිලධාරියකු පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 

“ඒ දෙන්නා තමන්ට ඇති සියලු තොරතුරු පදනම් කරගෙන ස්වාධීනය පරීක්‍ෂණය කරගෙන යාවි. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත අපට වාර්තාවක් දෙන්න කියලා අපි කියලා තියෙනවා” යයිද ප්‍රධාන විධායක නිලධාරියා පැවසීය. 

මෙම නිලධාරියා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි ඉහළම නිලධාරියෙකි. ඔහු කලකට ඉහත සිටි දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයකුද වන බැවින් දූෂණ හා වංචා විමර්ශනයෙහි මෙන්ම රසාභ්‍ය තොරතුරු අනාවරණය කරගැනීම සම්බන්ධයෙන් පමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවේ සියුම් වෙනස්කම් පිළිබඳවද මනා අවබෝධයක් ඇති නිලධාරියෙකි. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින නමුත් බොහෝ ක්‍රීඩකයන් තවමත් ශ්‍රී ලංකාවේ සිටින බැවින් එම පරීක්‍ෂණ සඳහා කිසිම ආකාරයේ බාධාවක් නැතැයිද ක්‍රිකට් විධායක කමිටුවේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. 

ඉහළම ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත්තේ ක්‍රීඩකයන් කිසිම වරදකට සම්බන්ධ නැතැයි ඔප්පුකරගත හැකිවුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් ක්‍රීඩකයන්ටත් එරෙහිව අසත්‍ය ප්‍රකාශ කරන්නන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපේක්‍ෂාව බවයි. 

පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 40 දෙනකුට ආසන්න පිරිසකගේ අත්සනින් යුත් ලිපියක් ක්‍රිකට් ආයතනයට බාර දෙන ලදි. ඒ සඳහා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් මෙන්ම සීමිත ඕවර නායක උපුල් තරංගද අත්සන් තබා තිබිණ. 

ශ්‍රී ලංකා පිලේ හිටපු වේග පන්දු යවන්නකු වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රකට රූපවාහිනී නාළිකාවකට කළ ප්‍රකාශයක් මත පදනම්ව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තමන්ගේ විරෝධතාව ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කළහ. 

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන්ද තවත් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. එම පරීක්‍ෂණ වලට සම්පූර්ණ සහයෝගය දක්වන ලෙසත් කිසිවකු සතුව තොරතුරු ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. 

මේ අතර ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත තවත් ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ තමන් ක්‍රීඩකයන්ට චෝදනා නොකළ බවත් මේ වන විට තැන තැන කතාබහට ලක්වන කරුණු සම්බන්ධයෙන් කරුණු දැක්වූ බවත්ය. 

 


අදහස් (1)

ක්‍රිකට් බලධාරීහු පරීක්‍ෂණ අරඹති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.