Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තා ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි

කාන්තා ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි

editorial - 2021 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර කරේරා ඕවල්හිදී පැවැති එකම ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද (3 වැනිදා) අවසන්විය. 

ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට ලකුණු 272 ක ඉලක්කයක් ලබාදුන්නද සිව්වැනි දිනයේ නියමිත වේලාව අවසන් වන විට කඩුලු 2 ක් දැවී ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 36 ක් පමණි. මෙග් ලැනිංග් ලකුණු 17 ක් සහ එලීසා පෙරී ලකුණක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

තෙවැනි දිනය වූ ඊයේ (2 වැනිදා) තරගය අවසන් කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 4 ක් දැවි ලකුණු 143 ක් රැස්කර සිටියේය. නමුත් ඔවුන්ට තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වූ අද (3 වැනිදා) කඩුලු 9 ක් දැවී ඉනිම අත්හිටුවන විටදී සිය ඉනිමට එක්කර ගැනීමට හැකිවූයේ තවත් ලකුණු 98 ක් පමණි.

එලීසා පෙරී හතරේ පන්දු 203 කදී පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 68 ක් රැස්කළ අතර ඈෂ්ලී ගාඩ්නර් පන්දු 86 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 51 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ. ඇලීසා හීලි (29), මැග් ලෙනින් (38) සහ ටාලියා මැක්ග්‍රාත් (28) ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.

ලකුණු 136 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 135 ක් රැස්කර සිටියදී නැවතත් ඉනිම අත්හිටුවා ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය.

එහිදී ශෆාලී වෙර්මා (52) අර්ධ ශතකයක්ද, ස්මි්‍රතී මන්ධානා ලකුණු 31 ක් සහ පූනම් රාවුට් නොදැවී ලකුණු 41 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

ඕස්ට්‍රේලියානු නායිකාව පන්දු යවන්නන් 8 දෙනෙකු යොදාගනිමින් ඉන්දීය පිතිකාරිණියන් මෙල්ල කිරීමට ගත් උත්සහය අපතේ ගියාය.


ඉන්දීය පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 377
ඕස්ට්‍රේලියා පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 241
(ඇලීසා හීලි 29, මැග් ලෙනින් 38, එලීසා පෙරී නොදැවී 68, ටාලියා මැක්ග්‍රාත් 28, ඈෂ්ලී ගාඩ්නර් 51, ප්‍රජා වස්ත්‍රකාර් 49/3, ජුලාම් ගෝස්වාමී 33/2, දීප්ති ශර්මා 36/2, මේග්නා සිං 54/2)

ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 135

(ශෆාලී වෙර්මා 52, ස්මි්‍රතී මන්ධානා 31, පූනම් රාවුට් නොදැවී 41)

ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 36

(බෙත් මූනී 11, මෙග් ලැනිංග් නොදැවී 17)


අදහස් (0)

කාන්තා ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.