Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තා පිලේ සහාය පුහුණුකරු තරිඳු පෙරේරා

කාන්තා පිලේ සහාය පුහුණුකරු තරිඳු පෙරේරා

editorial - 2023 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස තරිඳු පෙරේරා මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. වසර 2 ක කාලයක් සඳහා කරනු ලැබ ඇති මෙම පත්කිරීම මෙම මස 1 වැනිදා සිට බලපැවැත්වෙනු ඇත. 

වොවික්ෂයර් ප්‍රාන්ත, ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස්, වෙස්ට් එන්ඩ් රෙඩ් බැක්ස් වැනි විදෙස් කණ්ඩායම්වල පුහුණු කාර්්‍යය මණ්ඩලවලට අනුයුක්තව සේවය කර ඇති තරිඳු මහතා එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ සිවුවැනි මට්ටමේ පුහුණුකරුවෙකි. 

එංගලන්තයේ ලීඩ්ස්හි බැකෙට් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකාරීත්වය පිළිබඳව උපාධියක්ද හදාරා ඇති තරිඳු මහතා, ශ්‍රී ලංකාවේදී එස්.එස්.සී. සහ ද්‍රවිඩ සංගම් යන ක්‍රීඩා සංගම්වලටද, එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී නොටිංහැම්ෂයර් ප්‍රාන්තයටද ක්‍රීඩා කර ඇත. 

-036 


අදහස් (0)

කාන්තා පිලේ සහාය පුහුණුකරු තරිඳු පෙරේරා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.