Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තා සැහැල්ලු පන්දු ක්‍රිකට් කුරුණෑගල දිස්ත්‍රික් තරග 26 දා

කාන්තා සැහැල්ලු පන්දු ක්‍රිකට් කුරුණෑගල දිස්ත්‍රික් තරග 26 දා

editorial - 2024 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කුරුණෑගල පුෂ්පකුමාර ජයරත්න)

කාන්තා සැහැල්ලු පන්දු ක්‍රිකට් ජාතික තරගාවලියේ කුරුණෑගල දිස්ත්‍රික් තරග මේ මස 26 වැනි ඉරිදා පැවැත්වෙයි. තරගාවලිය සඳහා ඉදිරිපත්වන කණ්ඩායම් සංඛ්‍යාව අනුව තරගාවලිය පැවැත්වෙන ස්ථානය තීරණය කෙරෙන බව සංවිධායක මණ්ඩලයේ සාමාජික සේනාධීර මහතා පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික් සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරඟාවලියට සහභාගි වීමට කැමති,  කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටි කණ්ඩායම්  මැයි මස 20 වැනි සදුදා දිනට පෙර දුරකතන අංක 0773-508715 ඔස්සේ සේනාධීර මහතා ඇමතීමෙන් හෝ දුරකතන අංක දුරකතන අංක 0770-876684 ඔස්සේ මනුශි ‍ඇමතීමෙන් තරගාවලියට ඇතුළත් වීමට අවස්ථාව ලබාගත හැකිය. 

මෙම තරග මාලාව තුළ දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් ඇතුළත් කරමින් වයඹ පළාත් කාන්තා සැහැල්ලු පන්දු ක්‍රිකට් සංචිතය තෝරා ගැනීමට නියමිතය. එම කණ්ඩායම ඉන්දියාවේ පැවැත්වෙන තරග මාලාවක් සදහා සහභාගි කරවීමටද නියමිත ය.


අදහස් (0)

කාන්තා සැහැල්ලු පන්දු ක්‍රිකට් කුරුණෑගල දිස්ත්‍රික් තරග 26 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.