Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කී‍්‍රඩකයන් ඉගෙන ගන්නේ කී‍්‍රඩකයන්ගෙන්මයි - ෆාබ්‍රේස්

කී‍්‍රඩකයන් ඉගෙන ගන්නේ කී‍්‍රඩකයන්ගෙන්මයි - ෆාබ්‍රේස්

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 13 Comment
A A A

වත්මන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් කිහිප දෙනකුම සිටීම ඉතාමත් විශාල වාසියක් බවත් එවැනි තත්ත්වයක් යටතේ සෙසු කී‍්‍රඩකයන් ඉතා ඉක්මනින් දියුණුවට පත්වන බවත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් මහතා පවසයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් කිහිපදෙනකුම සිටීම වර්තමානයේදී කණ්ඩායම මෙහෙයවන තරුණ නායකයන්ට පීඩනයක්ද යන්න පුවත් පත් සාකච්ඡුාවකදී කළ විමසීමකට පිළිතුරු දෙමින් ෆාබ්‍රේස් මහතා එසේ පැවසීය.

ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (3 වැනිදා) පැවැත්වෙන වි:20 ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට පොරතුව ඩකාහි මිර්පූර් කී‍්‍රඩාංගණයේදී පුවත් පත් සාකච්ඡුාවකට සහභාගි වෙමින් ෆාබ්‍රේස් මහතා ඊයේ (2 වැනිදා) එසේ පැවසීය.

”නවසීලන්ත පිලට එරෙහිව ලබාගත්ත ජය අපට අති විශාල ශක්තියක් වුණා කියන එක ඇරෙන්න අවසන් පූර්ව තරගය සම්බන්ධයෙන් අපේ තියෙන සැලසුම් මොනවාද කියා ඔබ සියලූ දෙනා සමග සාකච්ඡුා කරන්න නම් මා සූදානම් නෑ”

”එදා තරගයේදි (නවසීලන්තයට එරෙහිව) වුණත් අපට ලකුණු 15 ක් 20 ක් මදිවුණා තමයි. ඒත් අපේ පන්දු යැවීමේ අංශය ප‍්‍රකට කළේ අපේ සටන්කාමීත්වයයි”

”නවසීලන්තය කියන්නේ ඉතාමත් හොඳ වි:20 කණ්ඩායමක්. ඒත් අපි පසුපසින් ඇවිත් අති විශිෂ්ට ආකාරයෙන් තරගය ජයගත්තා” ෆාබ්‍රේස් මහතා පැවසීය.

කොදෙව් පිල අවසන් වරට සහභාගි වූ පාකිස්තානු පිලට එරෙහිව පැවැති තරගය පිළිබඳව අදහස් දැක්වූ ෆාබ්‍රේස් මහතා...

”අපි ඊයේ, තරගයත් බැලූවා. කොදෙව් පිල ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඔවුන් හොඳ කී‍්‍රඩාවක නිරත වෙනවා. හෙට තරගය සඳහා අපේ සූදානම් වීමත් ඒ වගේමයි..නැත්නම් ඊටත් වඩා ටිකක් හොඳයි”

”අපට මෙතැනට තමයි අපට එන්න  ඕනෑ කළේ. අවසන් පූර්ව තරග....අවසන් තරග...ලෝක කුසලාන තරග.. වගේ තරගාවලි වල අවසන් පූර්ව වටයට එන්න  ඕනෑ... කී‍්‍රඩකයන් කී‍්‍රඩා කරන්නේ මේවාට තමයි” යයි පැවසුවේ තම කණ්ඩායම අපේක්‍ෂිත ඉලක්කය ආසන්නයටම පැමිණ සිටින බව ඉගි කරමිනි.

වසර දෙකකට ඉහතදී ශී‍්‍ර ලංකාවේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පරාජය වීම අද තරගය සම්බන්ධයෙන් කිනම් ආකාරයේ බලපෑමක් ඇතිකරාවිද යන්න කළ විමසුමට පිළිතුරු දුන් ෆාබ්‍රේස් මහතා...

”නෑ...කිසිම ආකාරයකින් බලපෑමක් නෑ”

”පුහුණු තරගයේදී වුණත් අපි උවමනාවෙන්ම අපේ ඉදිරි පෙළේ පන්දු යවන්නන් දෙදෙනකු නැතිවයි තරග කළේ. අපි අනෙක් කී‍්‍රඩකයන්ට අවස්ථාව දුන්නා. අවසන් වරට දෙපිල මුණ ගැහුණ තරගය ගැන නම් කිසිම ප‍්‍රශ්නයක් නෑ.”

”විස්සයි:20 කි‍්‍රකට් කියන්නේ එදා තරගයේදී දස්කම් දක්වන කී‍්‍රඩකයා මත රැුඳී තියෙන දෙයක්. ඒ වගේ තරගයකදී කී‍්‍රඩකයකු හෝ කණ්ඩායම දස්කම් දක්වමින් ඉන්නවාද කියන එක වැදගත් නෑ..මෙතැනදී වැදගත් වෙන්නේ කිසියම් තරගයක් සඳහා අප සූදානම්ද කියන එකයි. අවුරුදු දෙකකට ඉස්සර සිදුවුණ දෙයක් ගැන කතා කරන්නේත් නැති තරම්..මට ඒ ගැන නම් සහතිකවම කියන්න පුළුවන්” යයිද පැවසීය.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන්ගේ විවිධ හැකියාවන් සහ ඒවා තරගයට උචිත ආකාරයට යොදවා ගැනීම සම්බන්ධයෙන් නම් තමන්ට කිසිවක් හිතාගැනීමට බැරිව සිටින බවත් කී‍්‍රඩකයන්ගේ දස්කම් මෙන්ම හැකියාවන් එතරම් උසස් මට්ටමක පවතින බවත් ෆාබ්‍රේස් මහතා පිළිගත්තේය.

”ඔව් මේක නම් හිසරදයක් තමා. අපට ඉතාමත් උසස් ගණයේ ද`ග පන්දු යවන්නන් ඉන්නවා. ඒත් ඒක අප අප ආසාවෙන් ඉවසා දරාගන්න හිසරදයක්”

”ඒ සම්බන්ධයෙන් බොහෝ සාකච්ඡුා පැවැත්වුණා. හෙට රාති‍්‍රයේ කාසියේ වාසිය උරගා බලන මොහොත වෙනතුරුත් ඒ සම්බන්ධයෙන් තවත් බොහෝ දේ සාකච්ඡුා වේවි” යයිද ෆාබ්‍රේස් මහතා ඊයේ පැවසීය.

මිර්පූර් කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකා දග පන්දු යවන්නන් පන්දුව හසුරුවා ගත යුතු ආකාරය පිළිබඳව අදහස් දක්වමින් ෆාබ්‍රේස් මහතා කියා සිටියේ තණතීරුව කෙතරම් දග කැවෙන සුළු වුණත් පන්දු යවන්නන් ඊට අනුරූප වේගයක් පවත්වාගෙන යා යුතු බවයි.

”චිතගොන් නුවරදී ඔහුට ලැබුණා වගේ සහායෝගය ලැබෙන වෙනත් තණතීරුවක් රංගන හේරත්ට හොයාගන්න පුළුවන්වේද කියා මා නම් හිතන්නේ නෑ....තණතීරුව මන්දගාමී වන එක ගැන අපි සියලූ දෙනාම කතාබහ කළා. ඒත් චිතගොන්හිදී අප මුහුණ දුන් අසීරුතාව නම් තණතීරුව මන්දගාමී වෙමින් වියළී යද්දී තණතීරුවෙන් ඉවත කොටස එන්න එන්නම තෙතබරිත වුණ එකයි”

”ඒ කොහොම වුණත් සති දෙකකට විතර ඉස්සරින් අප මේ කී‍්‍රඩාංණයේදීත් කී‍්‍රඩා කළා. ඒ නිසා අප දන්නවා මේ තණතීරුව දග කැවෙන බව. එහෙම කිව්වත් දග පන්දු යවන්නකුගේ කාර්යය වන්නේ නියමිත වේගය පවත්වාගැනීමයි. හේරත් එදා නවසීලන්ත පිලත් එක්ක ඒක නියමෙටම කළා. ඔහු ඉතාම විශිෂ්ට ආකාරයෙන් වේගය පවත්වාගෙන ගියා. සාර්ථකත්වයේ රහස එයයි”

”තණතීරුව දග කැවේවි. ඒත් ඒ තණතීරුවේ හොඳින් පන්දු යවන්න අපි ළග  ඕනෑ තරම් දග පන්දු යවන්නන් ඉන්නවා” යයිද හෙතෙම පැවසීය.
අද පෙරවරුව වන විටත් කණ්ඩායමෙන් ඉවත් වී සිටි නායක දිනේෂ් චන්දිමාල් ආරක්‍ෂා කරගනිමින් ෆාබ්‍රේස් මහතා ඊයේ කරුණු දැක්වීය.

”චන්දිමාල් කියන්නේ ඉතාමත් ආකර්ශනීය තරුණ කී‍්‍රඩකයෙක්. ඔහුට කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් ඉතාමත් හොඳ අවබෝධයක් වගේම බුද්ධියක් තියෙනවා. ඔහුව නායකත්වය සඳහා තෝරාගෙන තියෙන්නේ ඒ සාධක මතයි”

”ඔහු තවමත් තමන්ගේ පාර සොයා ගනිමින් සිටින තරුණ කී‍්‍රඩකයෙක්. ”මේ දිනවල ඔහු කිසියම් පසුබෑමකට මුහුණ දී සිටිනවා තමයි. මිනිසුන් විවේචනය කරන්නේ ඒ පසුබෑම ගැනයි”

”ඒ වුණත්, මා ඔවුන් සමග සිටි කෙටි කාලයේදී, ඔහු (චන්දිමාල්) ඔහුගේ අන්තිම ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත්තා. බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදීත් ඔහු විශිෂ්ට ආකාරයෙන් කී‍්‍රඩා කළා. ඒත් සෑම කී‍්‍රඩකයකුටම පසුබෑම් තියෙනවා...” යයි පැවසීය.

ෆාබ්‍රේස් මහතා මහතා එසේ අදහස් දැක්වූවද එම අදහස් දැක්වීමෙන් පැය 24 ක් ඉක්මයාමටත් මත්තෙන් දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කර අවසන් පූර්ව තරගය සඳහා නායකත්වයේ වගකීම ලසිත් මාලිංගට බාර කරන ලදි.

වසර 2007 සිට පැවැති ලෝක කුසලාන තරගාවලි හයකදීම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම එයින් අවස්ථා 4 කදීම අවසන් මහ තරග වලටත් සුදුසුකම් ලබාගත්තේය. එහෙත් එම අවසන් තරග 4 දීම පරාජයට පත්විය. එම පරාජයන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ මානසික පසුබෑමක් ලෙස හැඳින්වීම පිළිබඳව ෆාබ්‍රේස් මහතා එකග නොවේ.

”ඒ දිහා මේ ආකාරයටත් බලන්න පුළුවන්. අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලි 6 කදී ඔවන් අර්ධ අවසන් පූර්ව වටයට එන්න තරම් දස්කම් දැක්වූවා නේද? කණ්ඩායම් වලට එන්න  ඕනෑ කරන්නේ මෙතැනටයි”

”සති දෙකකට විතර ඉස්සෙල්ලා අපි මෙතැනදීම පාකිස්තානය පරදවා ආසියානු කුසලාන දිනාගත්තා. එහිදී අපි ඉන්දියාවත් පරාජය කළා. පාකිස්තානය දෙවතාවක් පරාජය කළා. කණ්ඩායමක් හමුවේ තිබෙන විශාල අභියෝග මේවායි”

”නිකම් දින්නා නෙමේ, විශිෂ්ට ආකාරයෙන් ජයගත්ත නිසා (ආසියානු කුසලාන අවසන් තරගය) කණ්ඩායමකට ලැබෙන ආත්ම විශ්වාසය ඉතාමත් ඉහළයි....ඒ වගේම පසුගිය සති දෙක තුළත් පසුගිය මාස කිහිපය තුළත් අප ඉතාමත් තරගකාරී අන්දමින් තරග අවසන් කළා. ඒ වගේ තරග ජයගත්තාම  ඕනෑම තත්ත්වයක් යටතේදී ජයගත හැකියයි සිතෙන එක අරුමයක් නෙමෙයි”

”එදා චිතගොන්හිදී, නවසීලන්තය සමග තරග කළ රාති‍්‍රයේ තරගයේ අඩක් අවසන් වෙද්දී හුගාක් දෙනෙක් හිතන්නැති අප පරදීවි කියලා. ඒත් බ්‍රෙන්ඩන් මැකලම් දැවී ගිය මොහොතේදීම, එතැන් සිට තරගය ජයගන්න තමන්ට පුළුවන් කියලා කී‍්‍රඩකයන්ට තිබුණ විශ්වාසය පුදුම සහගතයි...එවැනි තරග වලින් තමා වඩාත් තීරණාත්මක තරග සඳහා කී‍්‍රඩකයන්ට විශ්වාසනීයත්වය ඇතිවෙන්නේ..”

ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයන් දෙදෙනකු මෙන්ම ලෝකයේ දැනට සිටින වඩාත්ම පළපුරුදු පිතිකරුවන් දෙදෙනා වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාම මෙම ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව විස්සයි:20 අන්තර්ජාතික තරග වලින් සමුගන්නා බව මේ වන විටත් ප‍්‍රකාශකර තිබේ.

එංගලන්තය සමග පැවැති තරගයේදී මහේල අති විශිෂ්ට ඉනිමක් කී‍්‍රඩා කළ බවත් මේ තරගාවලියෙදි නම් සංගාට ඒ තරම් හොඳ අවස්ථාවක් ලැබුණේ නැති බවත් ෆාබ්‍රේස් මහතා කියයි.

”ඔවුන් ඔවුන්ගේ රටේ බලාපොරොත්තු කඩ කරලා නෑ..ඔවුන්ගේ වාර්තාව ඔවුන්ගේ විශිෂ්ටත්වය වෙනුවෙන් සාක්ෂි දරනවා වගේම ඔවුන් කණ්ඩායම වෙනුවෙන් විශාල දායකත්වයක් දරනවා”

”එදා නවසීලන්තය සමග තරගය පැවැති අවස්ථාවේදී වෙනත් කිසිවෙක් මහේල තරම් උද්යෝගයට පත්වෙලා හිටියේ නෑ. වරක් ඔහු දුවගෙන ගිය ආකාරයට තව පොඞ්ඩෙන් මාවත් බිම පෙරළෙනවා..තරගයකදී ඔවුන්ට තිබෙන උද්යෝගය ඔවුන්ගේ හැසිරීමෙන්ම බලාගත හැකියි”

”ඔවුන්ට උවමනා කරන්නේ කණ්ඩායම හොඳින් කී‍්‍රඩා කරන්නයි. ඔවුන් කී‍්‍රඩා කරන සෑම අවස්ථාවකදීම ඔවුන්ගෙන් අති විශාල දේ බලාපොරොත්තු වෙනවා. ඒ ඔවුන් ඒ තරම් දෙයක් රට වෙනුවෙන් කරලා තියෙන නිසයි. මෙය ඔවුන්ගේ අවසන් වි:20 ලෝක කුසලාන තරගාවලිය වුණත් නොවුණත් ඔවුන් අති විශිෂ්ට කී‍්‍රඩකයෝ.. ඒකේ ආයේ දෙකක් නෑ”

කෙසේ වෙතත් අද තරගය ඉන්දියානු උපමහාද්වීපයේ පැවැත්වීමෙන් කිසිම ආකාරයේ අතිරේක වාසියක් තම කණ්ඩායමට ලබාගත හැකි යයි ෆාබ්‍රේස් මහතා නොසිතයි.

”කණ්ඩායමක් වශයෙන් වාසිදායක සෑම අවස්ථාවකින්ම ප‍්‍රයෝජන ගත යුතුයි. ඒත් මේ තරගය ඉන්දීය උප මහාද්වීපයේ පැවැත්වෙන නිසා එයින් අපට වාසියක් ගතහැකි බවක් මා හිතන්නේ නෑ.

”බටහිර ඉන්දීය කොදෙව් පිල ඉතාමත් විශිෂ්ට කී‍්‍රඩාවක නියැළෙනවා. ශී‍්‍ර ලංකාවේදීම ලෝකු කුසලාන දිනාගත්ත නිසා ඔවුන්ට විශාල ආත්ම විශ්වාසයක් තියෙනවා. ඊයේ රාති‍්‍රයේ වුණත් ඔවුන් ඉතා අලංකාර තරගයක (පාකිස්තානයට එරෙහිව) නිරත වුණා.”

”ඒත් මෙතන වැදගත් වෙන්නේ මේ තරගය පැවැත්වෙන පැය තුනේදී හොඳින් කී‍්‍රඩා කරන්නේ කවුරුන්ද කියන එකයි. ඒ නිසා මා හිතන්නේ නෑ මේ තරගයේදී ඉන්දීය උප මහාද්වීපයේ වාසිය කිසිම ආකාරයකින් බලපෑමක් ඇති කරාවි කියා” යයිද ෆාබ්‍රේස් මහතා පැවසීය.

සෑම කණ්ඩායමක්ම තරගයකට පෙර විවිධ ආකාරයේ සැලසුම් සකස් කරයි. ඇතැම් විට එකම තරගයක විවිධ අවස්ථා සඳහා සැලසුම් කිහිපයක්ම තිබෙන්නට පුළුවන. එහෙත් ඒ සැලසුම් සියල්ලම වතුරේ යාමට ගතවන්නේ සුළු කාලයක් බවද ෆාබ්‍රේස් මහතා කියයි.

”ඔබට සැලසුම් තියෙන්න පුළුවන්. ඒත් ඉනිම ආරම්භයේදීම කඩුලූ දෙකක් දැවීගිය මොහොතින් ඒ සියල්ල වෙනස් විය හැකියි”

”තරගය දිනන්නේ එන තත්ත්වයට මුහුණ දෙමින් ධෛර්වයන්තව ඉදිරියට යන කණ්ඩායමයි. ඒත් තත්ත්වය තේරුම් ගන්න කියා  ඕවර දෙක තුනක් නාස්ති කළොත් එතැනින් වැඬේ ඉවරයි. නැත්නම් තරගය ඔබේ අතින් ගිළිහී ඉවරයි”

”අපේ කණ්ඩායමේ තියෙන ශක්තියත් මේකයි. ඒ ඔවුන් සතු අතිවිශාල ආත්මවිශ්වාසයයි”

තමන් කී‍්‍රඩකයන්ට උපදෙස් දෙන්නනේ පිටියට පිවිසීමෙන් පසුව නිදහසේ කී‍්‍රඩා කරන ලෙස මිස පැය ගණන් තරග විශ්ලේෂණය කිරීමට නොවන බවත් තරගය පැවැත්වෙන අතරවාරයේදී කී‍්‍රඩකයන්ම තීරණ ගත යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටින සෑම කී‍්‍රඩකයෙක්ම ඔවුන් වටා සිටින ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ට ස්තුතිවන්ත වන බවත් හිටපු නායකයන් කිහිප දෙනකුම ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටින බැවින් ඔවුන් සියලූ දෙනාම තම තමන් වටා සිටින තරුණ කී‍්‍රඩකයන්ට දැනුම වගේම ඔවදන් දෙන බවත් පවසන ෆාබ්‍රේස් මහතා පිට්ටනිය තුළ පමණක් නොව පිටියෙන් පිටතත් ඒ දේ සිදුවන බවත් පැවසීය.

”ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් කිහිප දෙනකුම ඔවුන්ගේ තරග දිවියේ අවසන් කොටසට පැමිණීම සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා බහ කරනවා. ඒත් ඇත්ත වශයෙන්ම ඒ වගේ ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායමේ සිටියදීම කණ්ඩායමට එක්වෙන්න අවස්ථාව ලැබීම ගැන තරුණ කී‍්‍රඩකයන් ඉතාමත් වාසනාවන්තයි.”

”ඇන්ජලෝ මැතිව්ස් ගන්න...ඔහු මේ වන විටත් ටෙස්ට් සහ එක්දින කණ්ඩායම වල නායකයා වුණත් තවමත් නැගී එන තරුණ කී‍්‍රඩකයෙක්. සංගා, ඩිල්ෂාන්, මහේල...මේ සියලූ දෙනාම ඔහු (මැතිව්ස්) වටා සිටිනවා. ඔහුට එය වාසියක්. ඔහු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ගෙන් බොහෝ දේ උකහා ගන්නවා”

”බංග්ලාදේශ සංචාරය ආරම්භ වීමට පෙර මා ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ට කීවේ එක දෙයයි. පුළුවන් තරම් හොඳින් කී‍්‍රඩා කිරීම තරුණ කී‍්‍රඩකයන් වෙනුවෙන් ඔබලාට කරන්න පුළුවන් හොඳම දේ බවයි. එයින් තරුණ කී‍්‍රඩකයන්ට තිබෙන පීඩනය නැති වෙනවා”

”ඇත්ත කතාව මේකයි. ඔබට  ඕනෑ තරම් පුහුණුකරුවන් තබාගන්න පුළුවන්. ඒත් කී‍්‍රඩකයන් යමක් ඉගෙන ගන්නේ කී‍්‍රඩකයන්ගෙන්මයි. පුහුණුකරුවන්ට තියෙන්නේ ඒ සඳහා පහසුකම් සැලසීමයි” යයිද ෆාබ්‍රේස් මහතා පැවසීය.


අදහස් (13)

කී‍්‍රඩකයන් ඉගෙන ගන්නේ කී‍්‍රඩකයන්ගෙන්මයි - ෆාබ්‍රේස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.